සීපා හෝ ඕනෑම ගිවිසුමක් අත්සන් කිරීමට පෙර රටට හෙළි කළ යුතුයි - අතුරලියේ රතන හිමි
ඉන්දියාව සමඟ අත්සන් කළ කිසිදු ගිවිසුමකින් මෙතෙක් අප රටට වාසියක් සිදුව නැති බැවින් වත්මන් ආණ්‌ඩුව සීපා ඇතුළු ඕනෑම ගිවිසුමක් අත්සන් කිරීමට...

https://www.sathhanda.com/2015/09/athuraliye-rathana.html
කුමන ගිවිසුමක් හෝ අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉන් අනුමැතිය ලබාගත යුතුව ඇතැයි ද කිසිවකුට හොර රහසේ කිසිදු ගිවිසුමක් අත්සන් කළ නොහැකි බවද පැවැසූ උන්වහන්සේ ඉතිහාසයේ කටයුතු කළ ආකාරය ගැන බලන විට කිසිවිටක ඉන්දියාව ගැන විශ්වාසය තැබිය නොහැකි බවද කියා සිටියහ. ගිවිසුමකට එළැඹීමේදී එය රටට වාසිසහගත විය යුතු යෑයි අවධාරණය කළ අතුරලියේ රතන හිමියෝ එසේ නොවන ඕනෑම ගිවිසුමකට එරෙහි වන බවත් සඳහන් කළහ. ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලදී අප රට ගිවිසුම් ප්‍රකාරව වැඩ කළ ද ඉන්දියාව කිසිවිටක ගිවිසුමට අනුව ක්‍රියාකර නැති බවට රතන හිමියෝ චෝදනා කළහ.
Related