උඩුගම්‍පොළ ත්‍රිත්ව ඝාතනයේ සැකකරු පස්යා‍ලේ දී අල්ලයි - සැකකරු සිදුවීම වමාරයි

ගම්පහ, උඩුගම්‍පොළ ප්‍රදේශයේ දී පසුගිය දා සිදු වූ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හෙවත් නිවසේ මෙහෙකරු සොරාගත් ලොරි රථය ද සමග ගම්ප...


ගම්පහ, උඩුගම්‍පොළ ප්‍රදේශයේ දී පසුගිය දා සිදු වූ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හෙවත් නිවසේ මෙහෙකරු සොරාගත් ලොරි රථය ද සමග ගම්පහ ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සැකකරු ඝාතනයෙන් පසුව පන්නල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටිය දී ‍පොලිසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හෙළි කරන ලද තොරතුරුවලට අනුව මෙම ඝාතනයට හේතු වී ඇත්තේ ඝාතනයට ලක් වූ කාන්තාව සමග තිබූ අනියම් ඇසුරක් බව ‍පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

සැකකරු කාන්තාව සමග සිටින අයුරු දින දෙකක දී ඝාතනයට ලක් වූ සැමියාට අසුවුණු බවත් ඒ අවස්ථා දෙකේදීම ස්වාමියා සැකකරුට නිවසින් පිටව යන ලෙසට දැන්වුවත් එම කාන්තාව යන්නට නොදුන් බවත් ඔහු පවසා ඇත. එයට හේතු වී ඇත්තේ ඒ සියලු දේපළ එම කාන්තාවට අයත්ව තිබිමය. මේ නිසා එම කාන්තාව හා සැමියා නිතර දබර වූ බව ද සැකකරු පවසා ඇත.

ඒ අනුව සිද්ධිය වූ දින එනම් පසුගිය 04 වැනි දා සන්ධ්‍යාවේ මියගිය කාන්තාවත් සැමියාත් දබර කරමින් සිට ඇති අතර මෙම ගැටුමට සැකකරු ද මැදිහත් වී ඇත. එහි දී සැකකරු ‍පොල්ලකින් සැමියාට පහරදීමට උත්සාහ දරා ඇත. එහි දී එම ‍පොලු පහර බිරිඳට වැදී ඇත. එම ප්‍රහාරයෙන් ඇය එම ස්ථානයේදීම මියගොස් ඇත.

ඉන් අනතුරුව සැකකරු අවුරුදු 04ක් වයසැති දැරිය රැය එළිවන තුරු රඳවා තබාගනිමින් සිට ඇත්තේ නිවසේ තිබූ කුඩ ලොරි රථය තුළය. මෙම ඝාතනවලින් පසුව ඔහුට නිවස තුළට යාමේ බියක් ඇති වූ බව ඔහු ‍පොලිසියට පවසා ඇත. පසුව ඔහු වෙළෙඳසලකට ගොස් කිරි පැකට් දෙකක් රැගෙනවිත් එය ද එම දැරියට බොන්නට දී ඇත.

එහෙත් මෙම දැරිය තමා සන්තකයේ තබාගැනීම හා ඇය මුදාහැරීම ගැටලු සහගත නිසා ඇයට නින්ද ගිය පසු ඔහු ඊට පසුදා එම කුඩා දැරිය නිවසෙහි පිටුපස ඇති පාළු ළිඳකට දමා ඇත. ඉන් අනතුරුව තම ස්වාමියාට අයත් ලොරි රථය ද ගෙන පලාගොස් ඇත. ඔහු පලා යන විට මෙම කාන්තාව සතු රන් මාලයක් සහ ඇයගේ සැමියා සතු රන් බේ්‍රස්ලටයක්ද රැගෙන ගොස් ඇත. රන් මාලය කොළඹදී උකස් කර ඇති අතර බේ්‍රස්ලටය පස්යා‍ලේ දී උකස් කර මුදල් ලබාගෙන ඇත.

මෙම සැකකරුට විරුද්ධව මීට පෙර ස්ත්‍රී දූෂණ චෝදනාවකුත් එසේම මොණරාගල ප්‍රදේශයේ දී සිදු වූ ඝාතන චෝදනාවක් ද ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග පවසයි. එම ඝාතන සිද්ධියට මොහුට විරුද්ධව වරෙන්තුවක් ද ඇති බව සඳහන් වේ. මොහු එම සිද්ධියෙන් අනතුරුව පන්නලට පැනවිත් ජීවත් වී ඇත්තේ කුකුළු ගොවි‍පොළකය. එම ගොවි‍පොළට ඝාතනයට ලක් වූ හාම්පුතා නිතර ආගිය අයකු බව සඳහන් වේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6123172538108297128

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item