විපක්‍ෂය ව්‍යාකූල කළේ සන්ධාන ලේකම් - බන්දුල ගුණවර්ධන

විපක්ෂය දැනට මුහුණ දී ඇති ව්‍යාකූල තත්වය පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයන් හැටියට තමා ඇතුළු කණ්ඩායමක් සන්ධානයේ නායක ජනාධිපති ම...

විපක්ෂය දැනට මුහුණ දී ඇති ව්‍යාකූල තත්වය පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයන් හැටියට තමා ඇතුළු කණ්ඩායමක් සන්ධානයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු එම අදහස පළ කළේ බීබීසී සිංහල සේවය සමඟ පවත්වා ඇති සාකච්ඡාවක දී.

ශ්‍රී ලංකාවේ අලුත් ආණ්ඩුවට තවමත් කැබිනට් මණ්ඩලයක් සම්පූර්ණ වශයෙන් පත් කර ගැනීමට නොහැකි වී ඇති බවත් විපක්ෂයේ අසුන් ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයා පවසයි.

ඔහු කියා සිටින්නේ අගෝස්තු 17 මහමැතිවරණයෙන් කිසිම දේශපාලන පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමට බහුතර ආසන සංඛ්‍යා වක් නොලැබීම හේතුවෙන් දැන් ක්‍රියාත්මක වන්නේ හවුල් ආණ්ඩුවක් වන බවයි.
‘ආණ්ඩුවට එක් නොවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි කොටසට පක්ෂය සහ ආණ්ඩුව විවේචනය නොකර විපක්ෂයේ අසුන් ගනිමින් නිදහසේ විවේචනය සඳහා’ ජනාධිපතිවරයාගෙන් අනුමැතිය ලද බවත් බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසයි.

ඒ අතරම විපක්ෂ නායක පදවිය එක්සත් ජනතා නිදහස් සන්ධානයට පැවරීමට ජනාධිපතිවරයා එකඟ වුනත් එම අවස්ථාව නොලැබීම තුලින් මේ වන විට විපක්ෂය ව්‍යාකුල තත්වයකට පත්ව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියි.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් විපක්ෂ නායක පදවියට පත්කරනු ලැබීම සම්බන්ධයෙන් තමාට පෞද්ගලික මතයක් ප්‍රකාශ කළ නොහැකි යයි සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන විපක්ෂ නායක පදවිය සිංහල දෙමළ හෝ මුස්ලිම් වශයෙන් නොසිතා විපක්ෂ බහුතරයට ලැබිය යුතු බවත් අවධාරණය කරයි. එම පදවිය හිමිවිය යුතුව තිබුණේ මන්ත්‍රීවරුන් පනස් හය දෙනකු ඉල්ලා සිටි පරිදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයකුට බවයි ඔහු පෙන්වා දෙන්නේ.

බීබීසිය විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා විපක්ෂ නායක පදවිය එක්සත් ජනතා සන්ධානයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බව පිළිගනිමින් කියා සිටියේ.

එහෙත් එම ප්‍රශ්නය මතු වී ඇත්තේ එක්සත් ජනතා සන්ධානයේ නව මහලේකම්වරයා සන්ධානයට අයත් සෙසු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා නොකොට සන්ධාන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

එවැනි තත්වයක් යටතේ සන්ධානයේ පැවැත්ම දුෂ්කර මොහොතක පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එබැවින් සන්ධානයේ සාමාජික දේශපාලන පක්ෂවල නායකයන් සන්ධානයේ නායකයා වන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට මෙවැනි දේශපාලන ගනුදෙනු රාශියක් බේරා ගැනීමට කටයුතු කරනු ඇති ද මන්ත්‍රීවරයා පවසයි.

BBC



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5988029093212540296

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item