රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුට කොළඹදී පහර දුන් හැටි - බිරිඳවත් දූෂණය කරන බව කියලා [VIDEO]

කොළඹ හයිඩ් පාක් හි පිහිටි එක්තරා සුපර් සෙන්ටර් වෙළඳසැලක් ආසන්නයේ දී පෙරේදා රාත්‍රී 8.00 පමන පුද්ගලයෙක් විදේශ තානාපති කාර්යාලයක නිලධාරිය...

කොළඹ හයිඩ් පාක් හි පිහිටි එක්තරා සුපර් සෙන්ටර් වෙළඳසැලක් ආසන්නයේ දී පෙරේදා රාත්‍රී 8.00 පමන පුද්ගලයෙක් විදේශ තානාපති කාර්යාලයක නිලධාරියෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධ වීඩියෝවක් මේ වන විට සමාජ ජාල වෙඩ් අඩවි ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

BMW රථයකින් පැමිණි මොහු මාර්ගයේ වැරදි පසින් පැමිණ ඇති අතර තානාපති නිලධාරියා පැමිණි රථයට, රථ අංගනයට ඇතුළු කිරීමට නොහැකි වන ආකාරයට පිවිසුම අවහිර කර ඇති බවයි එම වීඩියෝව අන්තර්ජාලයට එක් කළ පුද්ගලයා සඳහන් කර ඇත්තේ.

මේ අවස්ථාවේ දී BMW රථයේ සිටි පුද්ගලයා පවසා ඇත්තේ අනිත් පසින් රථය ධාවනය කරන ලෙසයි. නමුත් තානාපති නිලධාරියා පවසා ඇත්තේ එය නීතියට පටහැනිවීම හේතුවෙන් තමාට එසේ කළ නොහැකි බවයි. ඔහු තම රියෙන් එලියට පැමින ඒ බව පෙන්වා දීමටද කටයුතු කරන තිබෙන බවත් අදාළ වීඩියෝව අන්තර්ජාලයට එක් කළ තැනැත්නා විස්තර කර තිබෙනවා.

එම අවස්ථාවේදී BMW රථය පසුපසට ගෙන තානාපති නිලධාරියාට ඉඩ ලබාදීමට හැකියාව තිබුන ද ඔහු එසේ සිදුකර නැනැ. මිනිත්තු 10 ක් පමන මෙසේ ගතවී ඇති අතර BMW රථයේ සිටි පුද්ගලයා "උඹ තානාපති නිලධාරියෙක් නෙමෙයි කවුරුවුනත් කමක් නැහැ.." යනුවෙන් පවසමින් අසභ්‍ය වචනයෙන් බැන වදිමින් සහ තානාපති නිලධාරියාගේ බිරිඳ ඔහු ඉදිරිපසම දූෂණය කරන බවට තර්ජනය කරමින් තානාපති නිලධාරියාගේ බිරිඳත් දරුවන් දෙදෙනාත් ඉදිරියේදීම ඔහුට පහර දීමට කටයුතු කර ඇති බවත් අදාළ පුද්ගලයා සඳහන් කර තිබෙනවා.

එම වීඩියෝව පහතින් දැක්වේ




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7613566165120464445

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item