මෙගා පොලිස් චම්පික තම ඇමතිකම ගැන කනස්සල්ලෙන්
ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර පිරිනැමීමේදී පාඨලී චම්පික රණවකට හිමිවූ ඇමැති ධුරයේ විෂය පථය සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවී ඇති බවට තොරතුරු වාර්තාවේ...

https://www.sathhanda.com/2015/09/champika-ranawaka-megapolis.html

චම්පික රණවකට හිමිව ඇති මහා නගර නිර්මාණ (මෙගා පොලිස්) සහ බස්නාහිර පළාත් සභා සංවර්ධනය සම්බන්ධයෙන් වන කැබිනට් ඇමැතිධුරයට නාගරික සංවර්ධන අධිකාරිය නොපැවැරීම විසින් අදාළ ඇමැතිධුරයට සම්බන්ධ දැවැන්ත වැඩකොටසක් සිදුකළ හැකි අධිකාරියක් තමාගෙන් ඉවත් කොට ඇති බවත් ඔහු තම හිතවතුන් සමග මැසිවිලි නගා ඇති බවට තොරතුරු වාර්තාවේ.
නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය ආණ්ඩුව සමයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ ක්‍රියාත්මක වූ අතර ඔහු එමගින් දැවැන්ත වැඩකොටසක් සිදුකළේය. එකී වැඩ කොටස සිදුකිරීමෙන් වඩා වැඩි ජනප්‍රසාදයක් හිමිකර ගත හැකි බව දන්නා චම්පික රණවක මෙම අධිකාරිය තමාට අහිමි වීමෙන් තමා බස්නාහිර පළාතට පමණක් සීමා වූ වැඩකොටසක් පවරා ඇති බවට මැසිවිලි නගමින් සිටින බව ද වාර්තාවේ.
Related