ගලිගමුව ආසනයේ හිටපු ශ්‍රීලනිප සංවිධායක නීතීඥ ෆ්‍රැන්සිස් සියඹලාපිටිය මහතා අභාවප්‍රාප්ත වෙයි

සබරගමුව පළාත්සභාවේ හිටපු මන්ත්‍රී, ගලිගමුව ආසනයේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නීතීඥ ෆ්‍රැන්සිස් සියඹලාපිටිය මහතා ඊයේ (12) අභාව...

සබරගමුව පළාත්සභාවේ හිටපු මන්ත්‍රී, ගලිගමුව ආසනයේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නීතීඥ ෆ්‍රැන්සිස් සියඹලාපිටිය මහතා ඊයේ (12) අභාවප්‍රාප්ත විය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ බාප්පා සහ සබරගමුව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වන හර්ෂ සියඹලාපිටියගේ පියාණන් වන ෆ්‍රැන්සිස් සියඹලාපිටිය මහතා කීර්තිමත් නීතිඥයෙකුද විය. 

නායකයෙක් වශයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සුවිශේෂී කැපවීමක් සිදුකළ ඒ මහතා, ඉතාමත් බැරෑරුම් අවධියේදි පවා පක්ෂයේ ජයග්‍රහණය සහ උන්නතිය වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කළේය. 1989 වර්ෂයේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රහාරයකට ලක්ව රියදුරා සහ තවත් අයෙක් මරුමුවට පත්වූ අවස්ථාවේ, ෆ්‍රැන්සිස් සියඹලාපිටිය මහතාගේ දිවි ගලවා ගත්තේ ඉතාමත් අසීරුවෙනි. අවි ආයුධ වලින් තොරව, නීතියට පමණක් යන තේමාව පෙරදැරි කරගනිමින් තම දේශපාලන දර්ශනය මෙහෙයවු එතුමන් කවදත් අවිහිංසාවාදී දේශපාලනය ප්‍රගුණ කළ නායකයෙක් විය.

භීෂණය, මර්ධනය, තර්ජනය හමුවේ නොසැලී කටයුතු කළ ෆ්‍රැන්සිස් සියඹලාපිටිය මහතා, ගලිගමුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කළේය. ඒ අනුව 1994 වසරේදී පවා ගලිගමුව ආසනය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරවීමට එතුමා සමත් විය.

ෆ්‍රැන්සිස් සියඹලාපිටිය මහතාගේ අවසන් කටයුතු හෙට (14) ගලිගමුව යට්ටෝගොඩ, යඨාලතිස්ස ක්‍රීඩාපිටියේදී ප.ව. 3.30 ට සිදුකෙරේන බව දැනුම් දී තිබේ..



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7975091178441928858

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item