ඉඳලා හිටලා මූහුණ පේනකොට මිනිස්‌සුන්ට ආසාවක්‌ ඇතිවෙනවා - හෂිනි

ලබන වසරේ විවාහ වී විදෙස්‌ ගතවෙන හෂිනි යෞවනයේ දඟකාර, හැඩකාර තරුණියක්‌ වන ඇය තමන්ටම ආවේණික නර්තන කළා ශෙලියකින් තමයි ඔයාල අතරට එන්නේ. හැබැයි ම...

ලබන වසරේ විවාහ වී විදෙස්‌ ගතවෙන හෂිනි යෞවනයේ දඟකාර, හැඩකාර තරුණියක්‌ වන ඇය තමන්ටම ආවේණික නර්තන කළා ශෙලියකින් තමයි ඔයාල අතරට එන්නේ. හැබැයි මෙයාගේ පෙනුම රිදී තිරයට වගේම පුංචි තිරයට කදිමට ගැළපෙනවා කියලා ගොඩක්‌ දෙනෙක්‌ කියනවා. ඒත් මෙයා නම් වැඩිය කැමැති නර්තනයටලු. තමන්ටම ආවේණික ශෛලියකින් නර්තනයෙන් දස්‌කම්පාන ඇය වෙන කවුරුවත් නෙමෙයි නමින් හෂිනි ගෝනගල. ඇය දැන් පෙම්වතියක්‌ වෙලාලු. ඒ ගැන පළමු වරට මාධ්‍යයට මෙලෙස පවසා සිටියා.

මහරජ අජාසත් දේවියගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද? 
ගොඩක්‌ දෙනෙක්‌ට මාව අඳුරගන්න බැරිවුණා. ඒත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

හෂිනි වැඩිපුර කැමැති සිනමාවටද? 
මම මුලින්ම මෙතැනට ආවේ සිරස ඩාන්සින් ස්‌ටාර් වැඩසටහන හරහායි. ගොඩක්‌ දෙනෙක්‌ මාව දන්නේ ඩාන්සර් කෙනෙක්‌ විදිහට.

සිනමා නිළියක්‌ වෙන්න අකමැතිද? 
රංගනය මගේ විනෝදාංශය. කොහොමටත් මම කැමැති නැහැ නිළියක්‌ වෙන්න. ගොඩක්‌ දෙනෙක්‌ මාව ඩාන්සර් කෙනෙක්‌ විදිහට හඳුන්වනවාට තමයි කැමැති. අද මම මෙතැන ඉන්නේ නර්තන ශිල්පිනියක්‌ හින්දා.

මේ දිනවල වැඩිපුර කාලය ගතවෙන්නේ? 
අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තමයි මූලිකත්වය ලබාදෙන්නේ. ඒ අතරතුරු හොඳ නිර්මාණයකට ආරාධනාවක්‌ ලැබුණොත් භාරගන්නවා. ඒත් එක්‌කම නර්තනයත් සිදුකරනවා.

නර්තන කණ්‌ඩායමක්‌ පටන්ගන්න අදහසක්‌ නැතිද?
ගොඩක්‌ නර්තන කණ්‌ඩායම් අද බිහිවෙලා තියෙනවා. ඒ අතරේ වෙස්‌ටර්න් පැත්තට තියෙන නර්තන කණ්‌ඩායම් ගොඩක්‌ අඩුයි. ඒ හින්දා වෙස්‌ටර්න් නර්තන කණ්‌ඩායමක්‌ හදාගන්න පොඩි කැමැත්තක්‌ තියෙනවා.

ඔය පෙනුමෙන් රංගනයෙන් මීට වඩා තැනකට යන්න පුළුවන් නේද? 
පෙනුම ඕනෑ තැනකට ගෙනියන්න පුළුවන්. හැබැයි මම කියන්නේ කොච්චර ලස්‌සන වුණත් වැඩක්‌ නැහැ තමන්ට ස්‌ක්‍රීන් එකේ දෙබස්‌ කියන්න බැරිනම් වගේම හරියට දැනෙන්න රංගනයේ යෙදෙන්න බැරිනම් එයා රංගන ශිල්පිනියක්‌ නෙමෙයිනේ.

ඔබට රඟපාන්න බැහැ. එහෙමද? 
මම තවමත් උත්සාහ කරනවා. බැරිනම් මම කවදාවත් ඒ වගේ චරිතයක්‌ භාරගන්නේ නැහැ.

බැරි වැඩ කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න සූදානම් නැහැ ? 
බැරි වැඩකට අතගහලා නම කැත කරගන්න වුවමනා නැහැ. ඊට පස්‌සේ කියන්නේ අයියෝ මෙයා කියවනවා විතරයි, රඟපාන්න බැහැ කියලයි. මම ඒ වගේ කතා අහන්න සූදානම් නැහැ.

ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ නැතිද? 
ගොඩක්‌ ආරාධනා ලැබෙනවා. මම හිතලා තියෙන්නේ සිනමාවේ ඉන්නවා නම් කවදාවත් ටෙලිනාට්‍යවල රඟපාන්නේ නැහැ කියලයි.

ටෙලි නිළියක්‌ කියලා හඳුන්වනවාට අකමැතිද? 
දැන් බලන්නකෝ මෙගා නාට්‍ය. ඒක හැමදාම අපි ටීවි එකේ දකිනවා. මට තියෙන එකම බය තමයි එහෙම පෙනෙන්න ගියොත් ප්‍රේක්‍ෂකයන්ට මාව එපාවෙයිද කියලා. ඒකට මම කැමැති නැහැ. ඉඳලා හිටලා මූණපේනකොට මිනිස්‌සුන්ට ආසාවක්‌ ඇතිවෙනවා.

හෂිනි වැරදිලාවත් ටෙලිනාට්‍යයක රඟපාන්නේ නැතිද?
කොහෙත්ම නැහැ. කොච්චර හොඳ නිර්මාණයක්‌, කොච්චර හොඳ අධ්‍යක්‍ෂවරයෙක්‌ ලැබුණත් මම ටෙලි නම් භාරගන්නේ නැහැ.

ළඟදීම විදෙස්‌ගත වෙනවා කියලයි ආරංචිය? 
මගේ උපාධිය අවසන් කරන්න විදෙස්‌ගත වෙනවා. ඒක අවසන් කරලා තමයි ආපහු ක්‍ෂේත්‍රයට එනවාද නැතිද කියලා තීරණය කරන්නේ. කොහොමටත් මම ක්‍ෂේත්‍රයෙන් අවුරුදු තුනක විතර නිවාඩුවක්‌ ගන්නවා.

ආපහු ලංකාවට එනකොට වෙනදා වගේම ජනප්‍රියත්වය තියේවිද? 
ලොකු වෙනසක්‌ කරන්න බලාගෙන තමයි ලංකාවට එන්නේ.

විවාහ ගිවිසගෙන තමයි විදෙස්‌ ගත වෙන්නේ. එහෙම නේද? 
සාමාන්‍යයෙන් විවාහයෙන් පසුව ගොඩක්‌දේවල් වෙනස්‌ වෙනවානේ. ඒවා ඉදිරියේදී බලමු. කොහොමත් ලබන අවුරුද්දේ තමයි විවාහවෙන්න හිතාගෙන ඉන්නේ.

දැනට පෙම්වතියක්‌ ? 
ඔව්. මම පෙම්වතියක්‌.

ඔහු ගැන විස්‌තර කියමුනේද? 
දැන්ම කියන්න බැහැ.

ඇයි ඒ ? 
ගොඩක්‌ දෙනෙක්‌ මට කිව්වේ පෙම්වතා ගැන දැන්ම මාධ්‍යයට කියන්න එපා කියලයි. මගේ රසිකයන්ට වුණත් ඒක කුතුහලයක්‌ විදිහට තියාගෙන ඉන්න තමයි උත්සාහ කරන්නේ.

දිනේෂ් විතාන



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 5945740842271621422

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item