70 හැවිරිදි සීයාගෙන් 7 හැවිරිදි මිණිබිරියට අතවර 17 හැවිරිදි මුණුබුරාගෙන් 70 හැවිරිදි මිත්තනියට අතවර

දාහත් හැවිරිදි තරුණයෙකු 70 හැවිරිදි මිත්තනියකට අතවර කිරීම හා 70 හැවිරිදි වියපත් අයකු 7 හැවිරිදි දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌ කිරීමේ...

දාහත් හැවිරිදි තරුණයෙකු 70 හැවිරිදි මිත්තනියකට අතවර කිරීම හා 70 හැවිරිදි වියපත් අයකු 7 හැවිරිදි දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌ කිරීමේ සිද්ධි දෙකක්‌ පිළිබඳව ගම්පොළ පොලිසිය සිදුකරන විමර්ශනවලින් අනාවරණය වේ.

මින් 7 හැවිරිදි දැරිය අපයෝජනය කළ 70 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ගම්පොළ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්‌ත්‍රාත් උපුල් රාජකරුණා මහතා එම සැකකරු ලබන 16 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

දැරියගේ සීයා වන මෙම පුද්ගලයා නිවසේ මව නොමැති අවස්‌ථාවේ දැරිය ඔහුගේ නිවසට රැගෙන ගොස්‌ මෙම අතවරය සිදු කොට ඇති අතර පසුව දැරිය වේදනාවෙන් සිටින බව දැක සිද්ධිය විමසා මව විසින් සිද්ධිය ගම්පොළ පොලිසියට පැමිණිලි කොට ඇත.

ඒ අනුව ගම්පොළ බෝවල ඉඟුරල පදිංචි සමරවීර මුදලිගේ කරුණාරත්න යන අය සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබිණි.

මේ අතර ගම්පොළ ප්‍රදේශයේම පදිංචි 70 හැවිරිදි මිත්තනියක ඇගේ 17 හැවිරිදි මුණුබුරකු විසින් අපයෝජනයට ලක්‌ කොට තිබේ. මෙම වයෝවෘද්ධ මව තනිව නිවසේ සිට පිං පඩිය (මහජන ආධාර මුදල්) රැගෙන ඒම සඳහා යැමට සූදානම් වන අවස්‌ථාවේ 17 හැවිරිදි මෙම සැකකරු නිවසට පැමිණ ඇගේ හිස ඇද ලීයේ වද්දවා සිහිසුන්කොට බරපතළ ලෙස අතවරයට ලක්‌ කොට තිබේ.

මෙම මව ඇගේ පුතකු සමග තනිව නිවසේ සිටින අතර නිවසට පුතු පැමිණෙන විට ඇය ඒ අයුරින්ම ඇඳේ සිටින අයුරු දැක ඔහුගේ සොයුරියට (සැකකරුගේ මව) මේ බව දන්වා මව ගම්පොළ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

සැකකරු මීට පෙර ද සොරකම් රැසක්‌ සම්බන්ධයෙන් පරිවාස ගත කොට ඇප ලබා සිටි අයකු බවද පොලිස්‌ පරීක්‍ෂණ වලින් අනාවරණය වී තිබේ.

සැකකරු මේ වන විට සැඟවී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ අරඹා තිබේ.

සුරංග දිල්හාන්



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8015494146886090104

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item