ඩිෆෙන්ඩර් අනතුරේ රියදුරන්ගේ බලපත්‍ර අවලංගු කලාට ගැමුණු උසාවි යයි
පස් දෙනෙකුට මරු කැඳවමින් මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ඉකුත්දා සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් බස් රියැදුරන් දෙදෙනෙකුගේ රියැදුරු බලපත‍්‍ර අත්හිටුවීම...

https://www.sathhanda.com/2015/09/gemunu-wijerathne.html
එහි සභාපති ගැමුණු විජේරත්න කොළඹ අද (13) පැවැත් වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ මීට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනු කරන බවයි.
ඩිෆෙන්ඩර් රථයක් වංගුවක් ආසන්නයේදී තනි ඉර කපා බස් රථයක් පසුකර යාමට උත්සහ කිරීමේදී එම බස් රථයේම සහ ඉදිරියෙන් පැමිණි තවත් බස් රථයක ගැටීමෙන් අදාළ අනතුර සිදුවුණා.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදි වැඩබලන පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රයන්ත ජයකොඩි පැවසුවේ අනතුර සිදු කළ බස් රියැදුරන් අත්අඩංගුවට ගත් බවයි.
පසුව ඔවුන්ගේ රියැදුරු බලපත‍්‍ර අත්හිටුවීමට අධිකරණය විසින් නියෝග කෙරුණා.
කෙසේ වෙතත් අනතුර සිදු වූයේ බස් රියැදුරන්ගේ වරදින් නොව ඩිෆෙන්ඩර් රථයේ වරදින් බවයි ගැමුණු විජේරත්න පෙන්වා දෙන්නේ.
එසේ තිබියදීත් පොලීසිය බස් රියැදුරන්ට එරෙහිව කටයුතු කිරීම කනගාටුදායක බවද ඔහු කියා සිටියා.
පොලීසිය ප‍්‍රභූ වාහනවලින් සිදු කරන වැරදි සම්බන්ධයෙන් නිහඬව සිටින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරූණා.
එහෙත් සියුම්ව අනතුරේ දැනට නිකුත්වී ඇති CCTV වීඩියෝවට අනුව ඉදිරිපසින් පැමිණෙන බසය ඩිෆෙන්ඩරය දෙසට සුළු ධාවනයක් ඇති කරන බව බොහෝ දෙනකුගේ මතය වී තිබේ. අනතුරක් කිරීම, අනතුරුදායක ලෙස ධානවනය කිරීම මෙන්ම අනතුර වලක්වා ගැනීමට හැකියාවක් තිබියදී එය වලක්වා නොගැනීමත් වරදකි. සිදුවුයේ කුමක්ද යන්න පැහැදිලිකිරීමට අපට අපහසු වන්නා සේම ගැමුණු විජේරත්නටද හැකියාවක් නොමැත.

Related