ජිනීවා ගිහින් ජාත්‍යන්තර පරීක්ෂණයකට ඕනේ කියල කියනවා - ශිවාජිලිංගම්

ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවට වන තම මතය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙ...

Sivajilingamශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවට වන තම මතය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට ඉදිරි සතියේ දී ජිනීවා බලා තමන් ඇතුළු පිරිසක් පිටත්ව යන බව එම්.කේ.සිවාජිලිංගම් සඳහන් කළේය. 

කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම්.ඒ.සුමන්තිරන් ඇතුළු පිරිසක් මේ වන විටත් ජීනිවා බලා පිටත්ව ගොස් තිබේ.

යාපනයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට හෙට දිනයේ පෙත්සමක් බාරදෙන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පවසයි.

ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකරන ලෙසට බලකරමින් ආරම්භ කර ඇති පාද යාත්‍රාවට සමගාමීව එම පෙත්සම බාරදෙන බව පැවසුවේය.

පසුගිය 10 වැනිදා කිලිනොච්චි නගරයෙන් ආරම්භ කළ අදාළ පාද යාත්‍රාව අද සිව්වන දිනටත් ක්‍රියාත්මකය.

යාපනය නල්ලූර් දක්වා ගමන් කරන මෙම පාද යාත්‍රාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශීදරන් පලාත් සභා මන්ත්‍රිනි ආනන්දි ශෂිදරන් ද එක්ව සිටියි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7427545076843730758

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item