ගෝඨා ඇතුළු 03 ක් අද වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසමට

ගෝඨාභය රාජපක්ෂ, උපාලි කොඩිකාර, ධනසිරි අමරතුංග සහ දුමින්ද සිල්වා මහාපරිමාණ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ අද (03) පෙනී සිටිනවා. ...

ගෝඨාභය රාජපක්ෂ, උපාලි කොඩිකාර, ධනසිරි අමරතුංග සහ දුමින්ද සිල්වා මහාපරිමාණ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ අද (03) පෙනී සිටිනවා.

එහි ලේකම් ලැසිල් ද සිල්වා ප්‍රකාශ කළේ මහජන සාක්ෂි විමසීම සඳහා ඔවුන් කැඳවන බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහාපරිමාණ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවට කැඳවීමට හේතුව සම්බන්ධයෙන් ලැසිල් ද සිල්වා මහතා අදහස් දක්වමින් පැවසුවේ රක්නා ලංකා සමාගම සම්බන්ධයෙන් පෙත්සමක් ලැබී ඇති බවත් ඉන් සඳහන් වන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී එහි සේවකයන් ජනාධිපතිවරණ කටයුතු සඳහා යොදවාගෙන තිබූ බව යන්නයි.

එමෙන්ම එම සමාගමේ රුපියල් ලක්ෂ 60 ක පමණ මුදල් ප්‍රමාණයක් ඊට වියදම් කර ඇති බවත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයින්ට වෙනත් නිල ඇඳුම් ලබා දී වෙනත් සේවාවල යෙදවීම වැනි කටයුතු සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7946472490604478387

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item