"නැව් එන්නේ නෑ, වැඩක් නෑ, මුදල් නාස්තිය" කිවුව්ව හම්බන්තොට වරායට නැව් තටාකාංගණයක් යහපාලනයෙන්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙරට ප්‍රධානතම ආයතනයක් බවට පත් කිරීම ඉදිරි පස් අවුරුදු සැලැස්ම බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුයේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත නැව් තටාකාංගණය සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය වරාය සහ නාවික අමාත්‍යාංශ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (17දා) පැවැත්විණ. . ශ්‍රී ලංකා වරාය අධිකාරියත් කොස්කෝ ෂිප්යාර්ඩ් සමූහ සමාගම (Cosco Shipyard Group Co. LTD.) සහ චයිනා හාබර් ඉන්ජිනියරින්ග් සමාගමත් (China Harbour Engineering co. LTD.) එම ගිවිසුමට අත්සන් තැබීය.

හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඉඳිකිරීමට නියමිත නැව් තටාකාංගණය සඳහා ආයෝජනය කෙරෙන මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 600කි. එය ඍජු ආයෝජනයක් වීම එහි විශේෂත්වයයි. නැව් අළුත්වැඩියා කිරීම පමණක් නොව අළුතින් නැව් ඉදිකිරීම ඇතුළු සියලු නැව් සේවා මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ. 

පසුගිය කාලය පුරා දැනට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඇතුළු සියලු දෙන පැවසුයේ හම්බන්තොට වරාය වැඩකට නැති එකක් ලෙසය. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 626865777137756895

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item