කොළඹ මනාප හොරයක් - තවත් පැමිණිල්ලක් ලැබේ
මහමැතිවරණයේ මනාප ඡන්ද නැවත ගණන් කරන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා වෙත තවත් ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ...

https://www.sathhanda.com/2015/09/jagath-kumara.html
කොළඹ දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත‍්‍රී ධුර 7ක් දිනා ගත්තා. මනාප ප‍්‍රතිඵලවලට අනුව ජගත් කුමාරට ලැබී තිබුණේ 9වන ස්ථානයයි. කෙසේ වෙතත් මුලින් නිකුත් කෙරුණු මනාප ඡන්ද සංඛ්‍යාව සහ නිල ප‍්‍රතිඵල ලේඛනයේ මනාප ඡන්ද සංඛ්‍යාව අතර පරස්පරයක් පවතින බව ඔහු කියනවා.
"පසුගිය 17වනදා තිබුණු මැතිවරණයේ ප්‍රතිඵල අපට දුන්නේ 19වනදා උදේ පාන්දර දෙකට. ඒ වෙලාවේ මම 29702ක මනාප සංඛ්‍යාවක හිටියේ. නමුත් පසුගිය 31වනදා සති දෙකකට පසුව නිකුත් කළ ප්‍රතිඵල අනුව අපට දැනගන්න ලැබුනේ මම 30402ක මනාප අරගෙන තියෙනවා කියලා.
මනාප 700ක් වැඩිවෙලා තියෙනවා. ඉතින් පසුගිය දින කිහිපය තුළ කවුරුත් අලුතින් ඡන්දය ප්‍රකාශ කලේ නෑනේ.ඉතින් ඒ නිසා පැහැදිලියි. අපි මුලින් සැක කළ පරිදිම මනාප ගණන් කිරීමේදී යම් වැරැද්දක් එහෙමනැත්නම් යම් දෝශයක් වෙලා තියෙනවා කියලා".
එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයට තරඟ කර පරාජය වූ රෝසි සේනානායකද මීට පෙර කියා සිටියේ මනාප ප‍්‍රතිඵල සම්බන්ධයෙන් සැක පවතින බවයි. ඒ නිසා මනාප ඡන්ද නැවත ගණන් කිරීම සඳහා ඇය ද මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළා.
Related