කඩුවෙල සිට කඩවත අධිවේගය සමග කැළණි ගඟේ තවත් පාලම් දෙකක් අද ජනතාවට

https://www.sathhanda.com/2015/09/kaduwela-kadawatha-highway-opening.html
කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස අද (17) විවෘත වනවා. ඒ සමග අධිවේගී මාර්ගය ඔස්සේ කඩවත සිට මාතර දක්වා ගමන් කිරීමේ හැකියාව ජනතාවට උදා වන බවයි විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයදැනුම් දෙනවා.
කොළඹ පිටත වටරවුම් මාර්ගය අදියර තුනක් යටතේ ඉදිකෙරෙන්නක්. කඩුවෙල සිට කඩවත දක්වා කිලෝමීටර් 8 යි දශම 9 ක කොටස එහි දෙවන අදියරයි.පළමු අදියරේදී කොට්ටාව සිට කඩුවෙල දක්වා කොටස ඉදි කෙරුණා. තුන්වන අදියරේදී කඩවත සිට කෙරවළපිටිය දක්වා අධිවේගී මාර්ගය දීර්ඝ කෙරෙනවා.
මේ අතර කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය නව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය ද අද විවෘත කිරීමට නියමිතයි. කැළණි ගඟ හරහා ඉදිකර ඇති නව පාලම් දෙකක් ද මේ සමග විවෘත කෙරෙන බව ඞී.සී. දිසානායක මහතා කියා සිටියා. මෙම අධිවේගී මාර්ග පද්ධතිය සමග සදා නිමකළ කැළණි ගඟ ප්‍රධාන අධිවේගී මාර්ගයේ පාලමට අනුබද්ධිත පාලම් ලෙස මෙය පවතිනවා.
Related