විදෙස් විනිසුරුවන්ගෙන් සමන්විත හයිබ්‍රිඩ් උසාවිය රටක ස්‌වෛරීත්වයට විරුද්ධ එකක් - ආචාර්ය දයාන් ජයතිලක
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන එක්‌සත් ජාතීන්ගේ යුද අපරාධ පරික්‍ෂණ කමිටු වාර්තාව මගින් මෙරට පිහිටුවීමට යෝජනා කර ඇති විදෙස් විනිසුරුවන්ගෙන් සමන...

https://www.sathhanda.com/2015/09/dayan-jayathilake-speaks-about-un-report-on-sri-lanka.html
විදෙස් විනිශ්චයකාරවරුන් වෙනත් රටවල කටයුතු කළේ යටත් විජිත සමයේ බව පැවසූ හෙතෙම ස්‌වාධීන රටවල විදෙස් විනිශ්චයකාරවරුන් කටයුතු නොකරන බව කියා සිටියේය.
එවැනි අධිකරණයක් පසුගිය සමයේ පැවතියේ කාම්බෝජයේ බවත් එහෙත් එහිදී විභාග කළේ පරාජිත සමූලඝාතන හමුදාවක් වූ පොල්පොට්‌ගේ රතු කෙමරූඡ් ගරිල්ලා ව්‍යාපාරයේ ඝාතන ගැන බවත් දයාන් ජයතිලක සඳහන් කළේය.
එහිදී ආණ්‌ඩුව ගැන හෝ නිත්‍ය හමුදාව ගැන විමර්ශනය නොකළ බවත් පැවසූ දයාන් ජයතිලක එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් මෙහිදී කථා කරන්නේ කොටි සංවිධානය පිළිබඳ සොයන උසාවියක් ගැන නොවන බවත් අවධාරණය කළේය.
මෙරට රජය විසින් යුද අපරාධ කළ බව ඔහු එහිදී පැහැදිලිව සඳහන් කරන බවත් මෙය භයානක තත්ත්වයක් බවත් පැවසූ ජයතිලක සාමකාමී රටක සිටින අප ගැන පරණ තුවාල පෑරීමට ජාත්‍යන්තර උසාවියක් ගෙන ඒමට ඔවුන් කටයුතු කරමින් සිටින බවත් මෙම සෙල්ලම තේරුම් ගත යුතුව ඇති බවත් කියා සිටියේය.
සෙයිඩ් අල් හුසෙන් ලංකාවේ ගෙල සිඳින්න ඕනෑ යෑයි කියද්දී ඇමෙරිකාව නෑ නෑ ගෙල සිඳින්න නොව බඩ කපාගන්න යෑයි කියන බවත් හෙතෙම සඳහන් කළේය.
විදේශ ඇමැති මංගල සමරවීර ජිනීවා වල පසුගියදා කළ කථාවේදී අලුත් උසාවි පිහිටුවන්න, අලුත් නිලධාරියෝ පත් කරන්න අප අපරාධ යුක්‌තිය සම්බන්ධයෙන් අලුත් නීති ගෙන ඒමට සූදානම් බව කියා සිටි බව පැවසූ දයාන් ජයතිලක අලුත් නීති කුමකටදැයි ප්‍රශ්න කළේය.
අපගේ පවතින නීතියට නොහැකිවන්නේ විදේශිකයන් සම්බන්ධ කරගත් උසාවි පිහිටුවන එක බවත් පැවසූ හෙතෙම මෙම නව නීති ගෙන එන්නේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අවශ්‍ය දේ ඉටු කර දීමට බවට චෝදනා කළේය.
ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කරන බව මංගල සමරවීර එම කථාවේදී ප්‍රකාශ කර ඇති බවත් එම පනත අහෝසි කරන්නේ නම් ඒ යටතේ සිටින කොටි ත්‍රස්‌තයින් නිදහස් කළ යුතුව ඇති බවත් කීවේය.
හයිබ්‍රිඩ් උසාවියකට වෙස්‌මුහුණක් දමා දේශීය පරීක්‍ෂණ යාන්ත්‍රණය කියා ඇමරිකාවත් සමග එක්‌වී යෝජනාවක් සම්මත කරවා ගතහොත් මිත්‍රශීලී රටවලට පවා අප බේරා ගැනීමට නොහැකි වනු ඇති බවත් අප වෙනුවෙන් කථා කරන්න කිසිවකු ඉතුරු නොවනු ඇති බවත් ආචාර්ය දයාන් ජයතිලක වැඩිදුරටත් පැවසීය.
Related