කරුණා කියන්නේ බොරු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක්‌ කියයි

වන්නි මෙහෙයුමේ අවසාන සතියේදී ශ්‍රී ලංකා හමුදාවට ඉන්දීය හමුදා සහාය දැක්‌ වූ බව විනයගමූර්ති මුරලිදරන් (කරුණා) කර ඇති ප්‍රකාශය මුළුමනින්ම අසත්...

වන්නි මෙහෙයුමේ අවසාන සතියේදී ශ්‍රී ලංකා හමුදාවට ඉන්දීය හමුදා සහාය දැක්‌ වූ බව විනයගමූර්ති මුරලිදරන් (කරුණා) කර ඇති ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක්‌ බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක්‌ පැවසීය.

ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට සහාය වූ බවට කරුණා තමිල්නාඩුවේ සුදිය තලෙයිමරා පුවත්පතට ප්‍රකාශ කර තිබුණි. වව්නියාවේ ස්‌ථානගත වූ ඉන්දීය හමුදාව චන්ද්‍රිකා උපාංග සහ කාලතුවක්‌කු මෙහෙය වූවා යෑයි කරුණා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

කිසිදු ඉන්දීය හමුදා භටයෙක්‌ අපට සහය වූයේ නැහැ මෙය බොරුවක්‌. ඉන්දීය හමුදාව වව්නියාවේ සිටියේ නැහැ යෑයි එම හමුදා නිලධාරියා සඳහන් කළේය. 58 වැනි සේනාංකය භාරව සිටි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාද කරුණාගේ ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. In 1986-87 IPK did kill lot of LTTE guys, although they interfered and stopped the war which was about to be won.Clever JR got IPK to control LTTE while our forces had to be diverted to control JVP.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 1698968596384701875

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item