ඇතාගේ සහ අලියාගේ ගැටුමෙන් අලියා මියයයි [PHOTOS]

ඊයේ (19) රාත‍්‍රීයේ කැබතිගොල්ලෑව වාහල්කඩ කහටගොල්ලෑව වැව ඉස්මත්තේ දී වනඅලියෙකු සහ වන ඇතෙකු අතර ද්වන්ධ සටනකින් ඇතාගේ දළ පහරවල්වලින් සිදුවු බර...

ඊයේ (19) රාත‍්‍රීයේ කැබතිගොල්ලෑව වාහල්කඩ කහටගොල්ලෑව වැව ඉස්මත්තේ දී වනඅලියෙකු සහ වන ඇතෙකු අතර ද්වන්ධ සටනකින් ඇතාගේ දළ පහරවල්වලින් සිදුවු බරපතල තුවාල හේතුවෙන් වනඅලියා මියගොස් තිබෙනවා.

සිද්ධිය සැලවීමත් සමග හොරොව්පතාන වනජීවි කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබුණා. ඔවුන් පැවසුවේ අඩි 11ක් පමණ උසැති මියගිය වනඅලියා අවුරුදු 45 ක් තරම් වයසේ විය හැකි බවයි.

ඊයේ සවස සිට කහටගොල්ලෑව වැව ඉස්මත්තේ වනඅලියා සහ ඇතා අතර ගැටුම පැවති බව වාහල්කඩ ප‍්‍රදේශවාසීන් පැවසුවා. රාත‍්‍රීයේ ඇතා සහ අලියා ගේ කෑ ගැසීම් ඇසුණු බව පැවසු ඔවුන් අද උදෑසන ප‍්‍රදේශය නිරික්‍ෂණය කරන විට අලියා මියගොස් සිටි අයුරු දුටු බව ද කියා සිිටියා. 






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 368530321452437554

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item