මානව හිමිකම් වාර්තාව පිළිගන්න එපා - මහින්දගෙන් විශේෂ නිවේදනයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව පිළිනොගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා. ඒ, ඒ පිළිබඳව කරුණු සඳහන්...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව පිළිනොගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා.

ඒ, ඒ පිළිබඳව කරුණු සඳහන් කරමින් අද (22) නිකුත් කළ නිවේදනයක් මගින්.

නිවේදනය මගින් දැක්වෙන්නේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ සංයුතිය සැලකිල්ලට ගත් විට ලංකාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි බවයි. එම කාර්යාලයේ ස්වාධීන බවද ප‍්‍රශ්න සහගත වනවා. එහි නඩත්තුව සඳහා මුදල් වැඩි වශයෙන් ලැබෙන්නේ එක්සත් ජාතීන්ගේ පොදු අරමුදලෙන් නොව බටහිර රටවලින්, ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයේදී යෝජනා ඉදිරිපත් කරන ලද්දේ ද අදාළ රටවල් බවයි මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

අදාළ විමර්ශනවලට තමාගේ ආණ්ඩුවෙන් කිසිදු සහයක් ලබා නොදුන් බවද ඔහු සඳහන් කරනවා. මේ අතර නව ආණ්ඩුව බලයට පත්වීම හේතුවෙන් මානව හිිමිකම් කොමසාරිස් කාර්යාලයේ අදාළ වාර්තාවේ සැර අඩුකොට ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කර තිබෙනවා. මෙවන් වාර්තාවකින් කළ හැකි උපරිම දේ වන්නේ යුද අපරාධ අධිකරණයක් ස්ථාපනය කළ යුතු යැයි යෝජනා කිරීම පමණයි. ඒ අනුව මෙකී වාර්තාවට එවැනි යෝජනාවක් ඇතුළත් කිරීමෙන් ඔවුන් යා හැකි උපරිම දුර ගොස් තිබෙනවා. 

කෙසේ වෙතත් මානව හිමිකම් කවුන්සිලයට හෝ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් පිහිටුවිය නොහැකියි. එවැන්නක් කළ හැක්කේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පමණයි. හේග් නුවර ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් තිබුණද ඊට අදාළ ප‍්‍රඥප්තිය වන රෝම සම්මුතියට ශ‍්‍රී ලංකාව අත්සන් කර නැහැ. එබැවින් මෙම අධිකරණයේ ශ‍්‍රී ලංකාවට එරෙහිව නඩු පැවරිය නොහැකියි. යුද අපරාධ අධිකරණයක් ඇති කිරීමට තිබෙන අවසන් ක‍්‍රමය වන්නේ අදාළ රටේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට එකඟ වීමයි.

මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ ශ‍්‍රී ලංකාව පිළිබඳ වාර්තාවෙන් එවැනි යුද අපරාධ අධිකරණයක් බිහි කිරීමට නිර්දේශ කර ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. අදාළ වාර්තාවේ ආරක්ෂක හමුදා නිලධාරීන් පිළිබඳ සඳහන් නොවන බව කීවද රණවිරුවන් විදෙස්වලදී සිර භාරයට ගෙන නඩු පැවරිය යුතු යැයි කියන නිර්දේශ එහි දෙසීය පනස් දෙවෙනි පිටුවේ පැහැදිලිව සඳහන් වන බවද හිටපු ජනාධිපතිවරයා පවසනවා.

ආණ්ඩු පෙරළියක් සිදු වී නොතිබුණේ නම් ශ‍්‍රී ලංකාවට සම්බාධක පැනවිය හැකි බවට ඇතැම් පාර්ශ්ව කරන ප‍්‍රකාශ පිළිබඳව ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ කරුණු ඇතුළත්. ඔහු පෙන්වා දෙන්නේ මානව හිමිකම් කවුන්සිලයට හෝ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට ආර්ථික සම්බාධක පැනවිය නොහැකි බවයි. කෙසේ වුවද මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ වාර්තාවේ ඇතුළත් නිර්දේශ බරපතළ ලෙස ප‍්‍රශ්න සහගත බවයි මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ. 

එමගින් යෝජනා කර ඇති ඊනියා දෙමුහුන් යුද අපරාධ අධිකරණය ඇති නොකළ යුත්තක්. ආරක්ෂක හමුදා සාමාජිකයින්ට එරෙහිව චෝදනා ඇත්නම් ලංකාවේ පවතින නීතිය අනුව විභාග කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. 

(අදාළ නිවේදනය පහතින් කියවන්න)






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8786472637484741795

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item