කටුනායකට ආ ගුවන්යානයක් හදිසි තත්වයක් මත මත්තලට ගොඩබසී

ලන්ඩන් සිට පැමිණි මගීන් 247ක් සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්.504 වර්ගයේ මගීන් රැගත් ගුවන් යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුප...

ලන්ඩන් සිට පැමිණි මගීන් 247ක් සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්.504 වර්ගයේ මගීන් රැගත් ගුවන් යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැවැති හදිසි තත්ත්වයක් හේතුවෙන් මත්තල ගුවන්තොටුපළේ ගොඩබැස්වීමට සිදු වූ බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි.

මෙම ගුවන් යානය අද (16දා) ප.ව. 2.20 ට පමණ ගොඩබැස්වීම සිදු වූ බව වාර්තා වේ.  එම යානය පස්වරු 5ට පමණ යළි හරවා යැවෙන බව ගුවන් තොටුපල බලධාරීහු පැවැසූහ. 

මෙවැනි හදිසි අවස්ථාවක දී මත්තල ගුවන් තොටුපල නොතිබුණේ නම් මෙම ගුවන් යානය ඉන්දියාව වෙත හරවා යැවීමට සිදුවන බව එහි උසස් නිලධාරියකු සදහන් කළේ ය.

එමෙන්ම මගීන්ට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ප්‍රමාණවත් පහසුකම් නොමැති බැවින් එම යානයේ පැමිණි මගීන් බැස්සවීමෙන් වැළකී තිබේ.

එහෙත් ඒ පිළිබඳව කල විමසීමකදී ගුවන්තොටුපල සේවකයින් පවසන්නේ එය අසත්‍ය බවත් එවැනි සුළු පිරිසකට පහසුකම් සැපයීමට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හැකියාව ඇති බවත් ගුවන්තොටුපොළ සේවකයෝ පවසති.

එම පහසුකම් තිබිය දී පැය 03 කට අධික කාලයක් මගීන්ට ගුවන්යානයේ රැඳී සිටීම කණගාටුවට කරුණක් බව එහි සේවකයින් පෙන්වා දෙයි.

එහෙත් මගීන් පැය තුනක් ගුවන් යානය තුල හිරකර සිටීම සිතා මතාම සිදුකල කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් පටු  දේශපාලන අරමුණු මේවට හේතු වන බවත් සෙවකයෝ පවසති.

එම ගුවන් යානයේ ජායාරුප 





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1216102454600495731

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item