චම්පික මනාපෙකට රුපියල් 1400යි - මම 63යි

මහ මැතිවරණයේදී චම්පික රණවක එක් මනාපයක් වෙනුවෙන් රුපියල් 1400ක් වියදම් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්...

මහ මැතිවරණයේදී චම්පික රණවක එක් මනාපයක් වෙනුවෙන් රුපියල් 1400ක් වියදම් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියයි.

කෙසේ වෙතත් එක මනාපයක් ගැනීමට තමන් වැය කළේ රුපියල් 63ක් වැනි මුදලක් බවද ඒ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කියා සිටියේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම ගැන ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මන්ත්‍රීවරයා ඉහත අදහස් පළ ක‍ළ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත්, දැනට කරන දේවල් කියන්න බැරි බවත්, හෙතෙම පැවසීය.

එසේම පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීම ගැන අවධානය යොමුව ඇති බවද පැවසූ මන්ත්‍රීවරයා ඉදිරියේදී ඒ ගැන තීරණයක් ගන්නා බවද කියා සිටියේය.

මේ අතර අධ්‍යාපන හා මහමාර්ග, ක්‍රිස්තියානි හා සංචාරක, තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු යන අමාත්‍යංශ විද්‍යාත්මක ක්‍රමයකට පිහිටුවා නැතැයිද කියා සිටි ඒ මහතා ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල දැන් සීඝ්‍රයෙන් පහත වැටී ඇති බැවින් එහි වාසිය ජනතාවට ලබාදෙන ලෙසද රජයෙන් ඉල්ලීමක් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2772201294575529381

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item