පිරිමින් දෙදෙනකු බියවද්දා නිරුවත් කර ඡායාරූප ගෙන කප්පම් ඉල්ලලා
පිරිමින් දෙදෙනකු බියවද්දා ජංගම දුරකථනයකින් ඔවුන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බව පවසා එසේ නොකිරීමට නම් රුපියල් ලක්‍ෂයක...
https://www.sathhanda.com/2015/09/pindeniya-tribute-case.html
පිංදෙනිය පොලිස් වසමේ පැල්පිට ගම්මානයේදී පසුගිය දිනක සිදු වී ඇති මෙම සිද්ධියට පසුව කප්පම් මුදලින් අඩක් එනම් රුපියල් පනස්‌දහසක් ද මේ වන විට අයකරගෙන ඇති අතර ඉතිරි මුදල් ගැනීමට යැමේදී එක් සැකකරුවකු පිංදෙනිය පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිද්ධිය අනාවරණය වූ බව ද පැවසේ.
මීට පෙර ලබාගත් රුපියල් පනස් දහසක මුදල ඊට එක් වූ සිව්දෙනා අතර බෙදාගත් බව ද සිද්ධියට අදාළ ඡායාරූප ඔවුන්ගේ ජංගම දුරකථනවල තැන්පත්ව ඇති බව ද පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.


Related