එක්නැලිගොඩ සිදුවීමට තවත් හමුදා බුද්ධි අංශයේ 3ක් අත්අඩංගුවට

මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටිමින් කොටි ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන් සමග මෙරට ඝාතන සැලසුම් කිහිපයකට සැලසුම් සැදු ප්‍රගීත් එක්...

මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටිමින් කොටි ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන් සමග මෙරට ඝාතන සැලසුම් කිහිපයකට සැලසුම් සැදු ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදහන් වීමේ සිද්ධියට සම්බන්ධ තවත් විශ්‍රාම ගිය යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් තිදෙනකු අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් එක්‌නැලිගොඩ පැහැරගෙන යෑමට සහ ඔහු ගිරිතලේ හමුදා කඳවුරේ සිරකරගෙන ප්‍රශ්න කිරීමට සම්බන්ධ වූවන් බව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක්‌ කළ පරීක්‌ෂණවල දී අනාවරණය වී ඇති බව වාර්තා වේ.

මොවුන් සොයා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව අවස්‌ථා කිහිපයකදී ඔවුන්ගේ නිවෙස්‌ වටලා ඇති නමුත් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබේ.

පෙරේදා (05) යුද හමුදාව මගින් මෙම හිටපු යුද හමුදා සාමාජිකයන් තිදෙනා නීතිඥ වරුන් මාර්ගයෙන් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම අරඹා ඇති බව වාර්තා වේ.

එක්‌නැලිගොඩ අතුරුදහන් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට යුද හමුදා කර්නල්වරුන් තිදෙනකු ඇතුළු යුද හමුදා බුද්ධි අංශයේ දැනට රාජකාරි කරන සහ විශ්‍රාම ගිය දසදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6144833650476898733

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item