රනිල්ගේ කතාවෙන් "ඒකීය රට" හැලේ - "එක්සත් රටක්" තුල බලය බෙදන බව මොදිට පොරොන්දු වෙයි

එක්සත් රටක් තුළ උපරිම ලෙස බලය බෙදාගත හැක්කේ කෙසේදැයි සොයාබලමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉන්දියාවේ දෙදින න...

එක්සත් රටක් තුළ උපරිම ලෙස බලය බෙදාගත හැක්කේ කෙසේදැයි සොයාබලමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් ඇරඹු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

ඉන්දියාවෙත් ශ්‍රී ලංකාවෙත් මිත්‍රශීලි සබඳතා ඉතාම ඉහළම මට්ටමකට පැමිණ ඇති අවස්ථාවකදී එය අපට මෙවැනි සාකච්ඡා පැවැත්වීමට වාසිදායක ලෙස බලපා ඇති බවත් පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රස්තවාදය පරාජය කිරීම මෙන්ම ඉන්දීය සාගරයේ ආරක්ෂාව තර කිරීම ගැන කතා කිරීමට ද එය පහසුවී ඇතැයි පෙන්වාදුන්නේය.

එසේම උතුරු නැගෙනහිර නැවත පදිංචිකිරීම් මෙන්ම ඉදිකිරීම් සඳහා ඉන්දියාව ලබාදුන් සහයට සිය ස්තූතිය පළ කරන බවද අගමැතිවරයා පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7825693779500667380

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item