කෑගල්ලට කෝටි 22ක වියදමකින් අංගසම්පූර්ණ ක්‍රීඩා පිටියක්

"කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති වසර 100 කට වඩා පැරණි නගරසභා ක්‍රීඩා පිටිය, "දිස්ත්‍රික් ක්‍රීඩාපිටිය" බවට පත්කරන්නයි අපි...

"කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති වසර 100 කට වඩා පැරණි නගරසභා ක්‍රීඩා පිටිය, "දිස්ත්‍රික් ක්‍රීඩාපිටිය" බවට පත්කරන්නයි අපි සැලසුම් කරන්නේ. කෝටි 22කට ආසන්න මූල්‍ය ප්‍රථිපාදන මත මෙම ක්‍රීඩා පිටිය ඉදිකිරීමේ වැඩකටයුතු ලබන මස ආරම්භ කිරීමට මේ වනවිට සැලසුම් සකස් කෙරෙමින් පවතිනවා. ඒ අනුව ඉදිරි මාස 9 ඇතුලත මෙම ක්‍රීඩා පිටියේ වැඩකටයුතු අවසන් කර, කෑගල්ල ජනතාවට අංගසම්පූර්ණ ක්‍රීඩා පිටියක් ලබාදිමයි අපේ ඉලක්කය" යනුවෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පසුගිය සෙනසුරාදා දින (12) කැගල්ල නගරසභා ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා පැවති නිරීෂණ චාරිකාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"අපි මෙම කෑගල්ල නගරසභා ක්‍රීඩා පිටිය සුවිශේෂී සංවර්ධනයකට ලක් කරනවා. මෙම සංවර්ධන ක්‍රියාවලියේදී මීටර් 100 ධාවන පථය සඳහා රු. මිලියන 55.88ක්ද, ගෘහස්ත ක්‍රීඩාංගනය සහ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය සඳහා රු.මිලියන 126ක්ද, ක්‍රීඩා පිටිය සඳහා රු. මිලියන 36ක්ද වැයවෙතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව මේ සඳහා යන සමස්ත වියදම රු.මිලියන 218ක් පමණ වෙනවා. ඒ කියන්නේ කෝටි 22ක මුදලක්.

ඒ අනුව 2016 වසරේ මැද බාගය වනවිට, කෑගල්ල ජනතාවට අංග සම්පූර්ණ ක්‍රීඩාපිටියක්, ප්‍රේක්ෂකාගාරයක් සහ පිහිනුම් කටාකයක් ලබාදිමට හැකිවෙතැයි මා අපේක්ෂා කරනවා" යැයි පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1685440190342717103

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item