ෆොන්සේකාට ආරක්ෂක ලේකම් තනතුර පිරිනැමීමේ සැලසුමක්
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා වෙත ආරක්ෂක ලේකම් තනතුර පිරිනැමීමේ සැලසුමක් ඇතැයි ජනාධිපති කාර්යය මණ්ඩල ආරංචි මාර්ග සදහන් කොට සි...

https://www.sathhanda.com/2015/09/sarath-fonseka_7.html
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා වෙත ආරක්ෂක ලේකම් තනතුර පිරිනැමීමේ සැලසුමක් ඇතැයි ජනාධිපති කාර්යය මණ්ඩල ආරංචි මාර්ග සදහන් කොට සිටී. සරත් ෆොන්සේකා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරිම සදහා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සැලසුම් කොට තිබුණද ඒ අවස්ථාව සදහා පැවැති ජාතික ලැයිස්තුවෙන් එක් අයෙකුගෙන් ඉවත් වීම සදහා ඉල්ලීමක් කළද ඔහු ඉන් ඉවත් නොවීම හේතුවෙන් එම ධුරය පිරිනැමීමට නොහැකි විය.
කෙසේ නමුත් ආරක්ෂක අමාත්‍යංශය මේ වනවිට පවතිනුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ බැවින් අමාත්‍යංශ ලේකම් ධුරය සරත් ෆොන්සේකා මහතාට පිරිනෑමීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම ආරංදි මාර්ග වැඩිදුරටත් සදහන් කොට සිටියේය. එහෙත් මේ වන තෙක් සරත් ෆොන්සේකා මහතා මේ පිළිබද කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.
ඔහු ආරක්ෂක ලේකම් තනතුර බාරගතහොත් ඔහුට එම තනතුර සමග දේශපාලනයේ නියැලිය නොහැකි වන අතර ඒ පිළිබඳවත් සරත් ෆොන්සේකා මේ වන විට සලකා බලමින් සිටින බවත් වාර්තා වේ.
ඔහු ආරක්ෂක ලේකම් තනතුර බාරගතහොත් ඔහුට එම තනතුර සමග දේශපාලනයේ නියැලිය නොහැකි වන අතර ඒ පිළිබඳවත් සරත් ෆොන්සේකා මේ වන විට සලකා බලමින් සිටින බවත් වාර්තා වේ.
Related