ලංකාවේ රාජ්‍ය සේවය හැමතැනම මෙහෙම වෙනව නම්

බදාදා දින කාර්යාලයට පැමිණෙන සේවාලාභීන්ට නොමිලයේ ආහාරපානවලින් සංග්‍රහ කර, නව තාක්ෂණය මඟින් සිය අවශ්‍යතා කඩිනමින් ඉටුකර දෙන නිවාඩු නිකේතනයක ද...

බදාදා දින කාර්යාලයට පැමිණෙන සේවාලාභීන්ට නොමිලයේ ආහාරපානවලින් සංග්‍රහ කර, නව තාක්ෂණය මඟින් සිය අවශ්‍යතා කඩිනමින් ඉටුකර දෙන නිවාඩු නිකේතනයක දැකුම්කළු අසිරිය ගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් දිවයිනේ කිසියම් තැනක ඔබ මීට පෙර දැක හෝ අසා තිබේ ද? මේ අපූරුතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අති දුෂ්කර දිස්ත්‍රික්කයක් වූ මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි. මෙහි සේවා කටයුතු සහ දැකුම්කළු බව දැකගැනීමේ අටියෙන් පසුගිය දින එම කාර්යාලයට ගොඩවැදුනෙමි.

සැබවින්ම මම ද විශ්මයට පත්කරමින් කාර්යාලීය පරිසරය මගේ සිත ඇද බැඳගත් අතර එහි අභ්‍යන්තර කටයුතු සොයා බැලීමට මම යුහුසුළු වීමි. හේතුව බොහෝ ආයතනවල මතුපිටින් දකින ලක්ෂණ අභ්‍යන්තර ක්‍රියාවලිය තුළ නොමැති වීමයි. මෙහිදී මගේ අත්‍යවශ්‍යම වූ කාර්ය ඉටුකර ගැනීම සඳහා එහි මුල් පුටුව හොබවන ප්‍රාදේශීය ලේකම් චන්දන ලොකුහේවගේ මහතා මුණගැසුනෙමි.

මා පැමිණි කාරණය ඔහුට පැහැදිලි කිරීමෙන් පසු කළණ මිතුරකු මෙන් කාර්යාලයේ වත්මන් තත්ත්වය ලේකම්වරයා විස්තර කළේ මෙසේය.

ඊ ඵලදායිතා සංකල්පයට අනුව යමින් “සංවර්ධනයේ මාවත ඵලදායිතාවයයි” යන්න තේමා පාඨය අනුව මගේ කාර්යාලයේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන්නේ කාර්යාලයට එන හැම සේවාලාභියකුටම රෙජිස්තර අංකයක් දෙනවා. ඒ අංකය ඔස්සේ තමයි අදාළ සේවය ඉටුකරන්නේ. මේ අනුව වෙනදා ලිපිගොනු කර තබාගෙන ගියත් අද එය පරිගණකයෙන් කරනවා. මා ළඟට එන හැම සේවාලාභියකුගේම කාරණය පරිගණකය මඟින් මම පෞද්ගලිකවම සොයා බලනවා. මේ වන විට කාර්යාලයේ සෑම අංශයකටම අදාළව පරිගණක ජාලයක් තියෙනවා. මෙතෙක් තිබූ හස්ත ලිපිගොනු වෙනුවට ‍ඉලෙක්ට්‍රොනික් ෆයිල් මගින් ඒවා කඩිනමින් ඉටුකරනවා.

මේ නව ක්‍රියාවලිය නිසා සේවාලාභීන්ටත් කාර්යාලීය නිලධාරීන්ටත් අනවශ්‍ය කාලයක්. අනවශ්‍ය වියදමක් නෑ. සේවාලාභීන්ට දින ගණනක් කාර්යාලය තුළට එන්නට ඕන නෑ. ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ඒ බව SMS පණිවුඩ මඟින් දන්වනවා. කාර්යාලීය රැස්වීම්, ඒ වගේම නිවාඩු ඇතුළු අවශ්‍යතා SMS පණිවුඩ මඟින් තමයි කරන්නේ.




සටහන හා ඡායාරූප
ඩබ්ලිව්. විදානපතිරණ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7555756153160269503

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item