කොටදෙණියාවට අතිරේක පොලිස් බලඇණි කැඳවයි
සේයා සදෙව්මිගේ ඝාතන සිද්ධියේ සැකකරුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සඳහා අද දිනයේ ඔහු අදාළ සිදුවීම සිදු වූ ස්ථානයට රැගෙන යන බවට ලද තොරතුරු මත අ...
https://www.sathhanda.com/2015/09/special-forces-to-kotadeniyawa.html
සේයා සදෙව්මිගේ ඝාතන සිද්ධියේ සැකකරුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සඳහා අද දිනයේ ඔහු අදාළ සිදුවීම සිදු වූ ස්ථානයට රැගෙන යන බවට ලද තොරතුරු මත අදත් විශාල පිරිසක් දැරියගේ නිවාස ආසන්නයට රැස්වෙමින් සිටි. ඒ හේතුවෙන් අද දිනයේදීත් සැක කරු අදාළ ස්ථානයට රැගෙන නොයන බව කොටදෙණියාව පොලිසිය පවසයි.
මේ අතර ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් ද එම ප්‍රදේශයට අනුයුක්ත කර ඇති බව වාර්තා වේ.
සේයා සදෙව්මි දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 23 වනදා ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් අතර එදින රාත්‍රියේම ඔහු ඒ පිළිබඳ පාපොච්චාරණයක් සිදු කර ඇත.


Related