නඩු ගාස්තුව වෙනුවට තරුණියකගේ කරාබු ගලවාගෙන

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරියන් දෙදෙනෙකු විසින් නඩු ගාස්තු ගෙවීමට නොහැකි වූ එක්තරා තරුණියකගේ කනේ තිබූ කරාබු ජෝඩුවක් ගලවා ගැනීමේ ස...


කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරියන් දෙදෙනෙකු විසින් නඩු ගාස්තු ගෙවීමට නොහැකි වූ එක්තරා තරුණියකගේ කනේ තිබූ කරාබු ජෝඩුවක් ගලවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම අධිකරණ‍යේ පොලිස් මුරපොළට පැමිණිල්ලක් කර තිබේ. ජංගම දුරකථනයක් සොරකම් කරන ලද සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සිය සැමියාගේ නඩුවකට මෝසමක් ගොනු කිරීම සදහා මේ කාන්තාව අධිකරණයට පැමිණ ඇත. ඇය අධිකරණයේ දී මේ නීතිඥවරියන් දෙපළ හඳුනාගෙන තමා පැමිණි කාරණාව ඔවුන්ට පැවසූ බවත්, ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය බවට නීතිඥවරියන් තමාට දැන්වූ බවත් පැමිණිල්ලේ සඳහන් ය. තමා සතුව මුදල් නොමැති බව පැවසූ අතර ඉන් අනතුරුව තම කරාබු ජෝඩුව මුදල් වෙනුවට ලබාදෙන ලෙස නීතිඥවරියන් කළ ඉල්ලීමට තමා එකඟ වූ බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. නාවල පදිංචි හසින්තා සමන්තිකා (18) යන පැමිණිලිකාරිය සිය කරාබු ජෝඩුව නීතිඥවරියන්ට ‍ ගලවා දෙනු අසල සිටි පිරිස දැක එය මහේස්ත්‍රාත් වෙත දන්වා ඇත.

වහාම ක්‍රියාත්මක වූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නීතිඥවරියන් දෙදෙනා කැඳවා තර‍ෙය් අවවාද කර පැමිණිලිකාර කාන්තාවගේ කරාබු දෙක ආපසු ලබාදී ඇයට නිවස බලා යාමට මුදල් නොමැති බව පැවසූ හෙයින් ඒ සඳහා රුපියල් දහසක මුදලක් ලබාදීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගෙන ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1091983230386635041

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item