අනුරගේ හාම්පුතා අනුරගේ කට වහලා - අනුරගේ හාම්පුතා කවුද?

ආණ්ඩුවට එරෙහිව නැගෙන ජාතිකවාදී මනසකින් යුත් මිනිසුන්ගේ හඩ බලහත්කාරී ලෙස යටපත් කිරීමට කටයුතු කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මො...

ආණ්ඩුවට එරෙහිව නැගෙන ජාතිකවාදී මනසකින් යුත් මිනිසුන්ගේ හඩ බලහත්කාරී ලෙස යටපත් කිරීමට කටයුතු කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් පැවසුවේය.

ඔහු මේ බව පැවසූවේ පසුගිය 06 වැනිදා බත්තරමුල්ලේ, ජයන්තිපුර පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මොහොමඩ් මුසම්මිල් මෙසේද පැවසීය.

“අද මේ අය අලූත් දේශපාලන සංස්කෘතියක් පිළිබඳව කටමැත දොඩවනවා. මන්ත‍්‍රී ධුර 95ක් දිනා ගන්න එක්සත් ජනතා නිදහස් සන්ධානයට අඹමල් රේණුවකින්වත් උදව්වක් සිදු නොකර අද ඒවා කම සිතැ`ගි පරිදි මංකොල්ල කෑම ද අලූත් දේශපාලන සංස්කෘතිය? දෙමළ ජාතික සන්ධානයේ නායකයා කියන්නේ ප‍්‍රාදේශීය නායකයෙක්. ඔහු කතා කරන්නේ උතුර පිළිබඳව පමණයි. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ රටේ කිසිදිනක බලයට එන්න බැරි පක්‍ෂයක්. මේ ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙන ජනතා බලය පාර්ලිමේන්තුව තුළ මතු වන එක වළක්වන්න මේ හදන්නේ. මේ ආණ්ඩුවට එරෙහිව නැගෙන ජාතිකවාදී මනසකින් යුත් මිනිස්සුන්ගේ හඩ බලහත්කාරී ලෙස යටපත් කරන්නයි මේ හදන්නේ. මේ තත්ත්වයට එරෙහිව නැගී සිටින්න කියලයි අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත‍්‍රී ධුර 95ක් සහිත ජනවරමක් නිර්මාණය කර දුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.“

“ව්ලැද්මීර් පුටින් වැනි නායකයකු සිටි නිසයි රුසියාවට අභියෝග රැසකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුණේ. මහින්ද රාජපක්‍ෂ කියන්නෙත් එවැනි ශක්තිමත් නායකයෙක්. දෙස් - විදෙස් සියලූ සතුරන් ඔහුට එක්ව පහර දීලා දුර්වල නායකයකු අද බලයට ගෙනල්ලා තිබෙනවා. එවැනි දුබල නායකයකු බලයේ ඉන්න කොට රටකට මුහුණ දෙන්න වන ඛේදනීය ඉරණමට තමයි අද අපි ජාතියක් ලෙස මුහුණ දෙමින් සිටින්නේ. අද 93ක මෙහා ඇමති මණ්ඩලයක් පත්කර තිබෙනවා. අපි අහනවා ‘අනුර දිසානායක මහත්තයෝ ජවිපෙ කැල්කියුලේටර් කැඩිලාද?’ කියලා. පසුගිය කාලයේ ඇමති මණ්ඩල ගැන ගණන් හිලව් හදලා රටට පෙන්වන්න ඒකයි මේ අය කළේ. අපට නම් පෙනෙන්නේ අනුර දිසානායක මහත්තයාගේ ‘හාම්පුතා’ එයාගේ කට වහලා වගෙයි.“ යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

“රන්ජන් රාමනායක, සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා වැනි ‘කොට ඇදපු අලින්ට’ අද අමාත්‍ය ධුර ලැබිලා නැහැ. මේ අය අද නියෝජ්‍ය අමාත්‍ය ධුර දක්වා පල්ලම් බස්සවලා තිබෙනවා. එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු අයට කැබිනට් අමාත්‍ය ධුර ලැබෙද්දී මේ කොට ඇදපු අලින්ට ‘නියෝජ්‍ය අමාත්‍ය කට්ටක්වත් ලැබෙයිද?’ කියලා බලා ඉන්න වෙලා තියෙනවා.

මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදී කවදාවත් විපක්‍ෂ නායක ධුරයට, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට අත තිබ්බේ නැහැ. ඒත් මේ අය කීවේ, ‘රාජපක්‍ෂ රෙජීයමක් රට තුළ ක‍්‍රියාත්මක වෙනවා’ කියලයි. අද ඒකාධිපති බලය පාවිච්චි කරලා මේ ධුර දෙකත් කොල්ල කන්න වත්මන් රෙජීමය කටයුතු කර තිබෙනවා. මේ තත්ත්වයට එරෙහිව ප්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සියලූ ජනතාව පෙරමුණ ගත යුතුයි.’’යැයි මුසම්මිල් වැඩිදුරටත් පැවසී ය. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6689871044039398035

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item