ප්‍රයිවෙට් බස්වල ටිකට් නොගන්නා මගීන්ට දඩ ගහනවලු
මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන පුද්ගලික බස් කොන්දොස්තරලා අල්ලා ගැනීමේ නව වැඩපිළිවෙළක් මේ මස සිට ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් සභාව...
https://www.sathhanda.com/2015/09/sri-lanka-private-bus.html
මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන පුද්ගලික බස් කොන්දොස්තරලා අල්ලා ගැනීමේ නව වැඩපිළිවෙළක් මේ මස සිට ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් සභාව පියවර ගෙන ඇත. මේ අනුව පුද්ගලික මගී බස්රථ පරීක්ෂා කර වලංගු ටිකට්පත් නොමැති මගීන්ටද දඩ ගැසීම කරනු ඇත. එසේම කොන්දොස්තරලාට එරෙහිවද ඒ අන්දමට ක්‍රියා කෙරේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති අමිල රන්මණ්ඩල පැවසුවේ නව වැඩපිළිවෙළ නිසා තම ගමනාන්තය සඳහා වලංගු ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට මගීන්ද උනන්දු වන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති අමිල රන්මණ්ඩල පැවසුවේ නව වැඩපිළිවෙළ නිසා තම ගමනාන්තය සඳහා වලංගු ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට මගීන්ද උනන්දු වන බවයි.
බස් රථයක් තුළ මගීන්ට තම අනන්‍යතාවය තහවුරු කිරීම පමණක් නොව ගමන නිමවනතුරු ආරක්ෂාවද සැලසෙන්නේ ප්‍රවේශ පත්‍ර ලබාගත් පසුව බවත් ඒ නිසා වලංගු ටිකට් පතක් ලබාගැනීම මගීන්ගේද වගකීමක් බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
නව වැඩපිළිවෙළට අනුව ප්‍රවාහන අධිකාරියේ ජංගම පරීක්ෂක කණ්ඩායම් යොදවා බස්නාහිර පළාත තුළ කෙරෙන වැටලීම් මෙම සැප්තැම්බර් මාසය තුළදී ආරම්භ කෙරෙන අතර දෙවැනි පියවර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මාර්ගයෙන් රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.


Related