එක්නැලිගොඩ සිද්ධිය හරහා හමුදා බුද්ධි අංශ අඩපණ කිරීමේ සැලසුමක්
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීමේ සිද්ධිය මුල්කර ගනිමින් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සමාජයට නිරාවරණය කිරීම බරපතල ගැටළුවක් බව ...
https://www.sathhanda.com/2015/09/wasantha-bandara.html
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීමේ සිද්ධිය මුල්කර ගනිමින් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සමාජයට නිරාවරණය කිරීම බරපතල ගැටළුවක් බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය පවසනවා.
එහි මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ හමුදා බුද්ධි අංශ අඩපණ කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් යුධ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු ඉකුත් දා අත්අඩංගුවට ගැනුණා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මේ බව කියා සිටියා.
මෙය එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය මත සිදුවන්නක් බව බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් ද කියා සිටියා.


Related