යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ - ආණ්ඩුවට මේ දේශද්‍රෝහී ක්‍රියා කරන්න දෙන්නේ නෑ

https://www.sathhanda.com/2015/09/udaya-prabhath-gammanpila_68.html
"අපි දැක්කා අගමැතිතුමා ප්‍රකාශ කරලා ඊයේ මාධ්‍ය වාර්තා කරලා තිබුණා ජිනිවා වාර්තා පිළිබදව බොරු කියන අයට දැඩි දඩුවම් ලබා දෙනවා කියලා. කියන දේ ඇත්ත ද බොරු ද කියලා තිරණය කරන්නෙත් මට පෙනෙන විදියට අගමැතිතුමාම තමයි. අපි මේ ආණ්ඩුවට කියන්න කැමතියි යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ. ඒ නිසා උසාවි, හිරගෙවල් පෙන්නලා විතරක් නෙවෙයි පොරකය පෙන්නලා ආවාත් අපේ කටවල් වහන්න බෑ කියලා අපි මේ ආණ්ඩුවට මතක් කරලා දෙනවා. වරක් තමන්ව හිර ගෙයි දැම්මම විපක්ෂයේ දැවැන්ත නායකයෙක් වෙලා හිටිය විජය කුමාරනතුංගයන් කියුවේ දග ගෙයි දඩුවම සියුමැලි වැඩි නම් එල්ලා මරපන් අළුගෝසුවනේ කියලා. අපි එක මේ ආණ්ඩුවට කියනවා සිර ගෙයි දඩුවම සියුමැලි වැඩි නම් එල්ලා මරපන් යම පාලකයිනි කියලා." යයි පිවිතුරු හෙළ උරුමය නායක තිඥ උදය ගම්මන්පිල අද(21) පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවසීය. තව දුරටත් අදහස් දැක්වූ ඔහු,
මේ පාළම කා වෙනුවෙන් ද?
අද වර්තමාන ආණ්ඩුව තමත් හෙලිකරලා නෑ ඉන්දීයාව විසින් තලෙයි මන්නාරම සහ ධනුෂ්කොඩි අතර ඉදිකරන්න යන රටවල් දෙක යා කරමින් ඉදිකරන්න යන පාලම ගැන ශ්‍රී ලංකාව එකගතාව පල කරලාද නැද්ද කියලා මේ රටට හෙලි කරලා නෑ. මෙයට ශ්‍රී ලංකාව එකගතාව පල කරා කියලා අපිට හිතන්න වෙනවා මොකද මේ වන විට මේ පාලම ඉදිකිරීම සදහා ඩොලර් බිලියන 5.2ක ණයක් ඉන්දීයාව අසියානු සංවර්ධන බැංකුවෙන් අනුමත කරගෙන තියෙනවා. ඩොලර් බිලියන 5.2ක් කියන්නේ රුපියල් කොටි හැත්තෑ හතර දහසක්. නිකමටවත් කියලා නෑ මේ පාලම හැදුණම රටවල් දෙකටම ප්‍රයෝජනවත්නේ ණයෙන් කොටසක් ඔබත් භාර ගන්න. 90% අපි ගන්නම් 10%ක් ඔබ ගන්න කියලවත් කියලා නෑ. මේ පාලමේ මේ පාරේ වාසිය ඉන්දීයාවටයි. ශ්‍රී ලංකාව ඉන්දීයාව කියන මහා දැවැන්ත රටට කිලෝ මීටර 32ක් අසන්නව තිබුණත් ශ්‍රී ලංකාව ඉන්දීයාවේ කොටසක් විදියට කවදාවත් සැලකුවේ නෑ. ශ්‍රී ලංකාවට වසර දහස් ගණනක් ස්වාධිනය ඉන්න අවස්ථාව ලැබුණා. ඒ තමයි චිනය රකින්න චින මහා ප්‍රකාරය ඉදිකරා වගේ ශ්‍රී ලංකාව වටේ තියෙන ප්‍රකාරය තමයි ඉන්දියන් සාගරය. ශ්‍රී ලංකාව අද ස්වධින රාජ්‍යයක් විදියට වසර දහස් ගණනක් පවතින්නේ දුපතක් වශයෙන් තිබෙන නිසා. නැත්නම් මේක ඉන්දියාවේ තවත් එක් ප්‍රන්තයක් විතරයි. හැබැයි ඒ සුවිශේෂි ආරක්ෂාව තමයි මේ මාර්ග හරහා විනාශ කරන්නේ.
දැන් ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු අපිට ලිං මැඩියෝ කියමින් ප්‍රංශය සහ එංගලන්තය අතර ඇති මුහුදු මාර්ගය, සූඩනය සහ ඩෙන්මාර්කය අතර ඇති මාර්ගය, යන ආදීය උදාහරණ ලෙස දක්වන්න පුළුවන් අපි ලෝක තත්වය දන්නේ නැති නිසාය අපි මේ මාර්ගයට විරුද්ද වෙන්නේ කියලා. අපි ආණ්ඩුවේ ඇමතිවරුන්ට කියනවා අපි හොදට ජත්‍යන්තර ප්‍රවනතා පිළිබද අවබෝදයෙන් ඉන්නේ. ඒ වගේම ඉන්දීයාවේ දුෂ්ඨ අරමුණු ගැනත් අවබෝදයෙන් ඉන්නේ. සූඩනය සහ ඩෙන්මාර්කය වගේ සමාන රටවල් දෙකක් නෙවෙයි ලංකාවයි ඉන්දීයාවයි කියන්නේ. එංගලන්තයයි ප්‍රංශයයි වගේ සමාන රටවල් දෙක්ක නෙවෙයි ලංකාවයි ඉන්දීයාවයි කියන්නේ.
ගලිවර් සහ ලිලිපුට්ලා අතර මල්ලව පොර තරගය
එක පැත්තකින් මේ සීපා ගිවිසුම ගෙන්න හදන්නේ සීපා ගිවිසුමත් ලෝකයේ අන් රට වල අත්සන් කරලා තියෙන්නේ. හැබැයි ලංකාවයි ඉන්දීයාවයි අතර මේ ගිවිසුම අත්සන් තැබීම ගලිවර් සහ ලිලිපුට් අතර මල්ලව පොර තරගයකට සමානයි. ඉන්දීයාවේ දැනට රුකියා විරහිත ජනග්‍රහනය මිලියන 50ක් දිලිදු භාවයෙන් පිඩා විදින ජනග්‍රහනය මිලියන 400ක් ඉන්දියාව ඉතිහාසය පුරාම තමන්ගේ විරුකියාව, තමන්ගේ දිලිදුකමට උත්තරය හෙයුවේ තමන්ගේ ශ්‍රමිකයන් තොග ගණනින් පිටරටට පැටවීමෙන්. මීට වසර 200කට කලින් ලංකාවට ආපු වතු ශ්‍රමිකයන් ඊට උදාහරණයක්. ශ්‍රී ලංකාවට විතරක් නෙවෙයි අද පීජි, පැපුවානිවුගිණි, මැලේසියාව, දකුණු අප්‍රිකාව, මලාවී, මැඩගස්කර්,් මුරුසිය මේ සියළුම රටවල් වලට මිට වසර 200ත් 150ත් තුළ දී ඉන්දීයාව එයු ශ්‍රමිකයින් දේශපාලන හා සමාජ ප්‍රශ්න රාශියක් ඇති කරලා තියෙනවා. අද ඉන්දීයාව උත්සහ කරන්නේ එක පැත්තකින් සීපා ගිවිසුම අත්සන් කරලා ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාව තුළ දී සම තත්වය ලබා දෙන්න. අපි දන්නවා ලංකාවේ ශ්‍රම වෙළදපොළ දකුණු අසියාවේ තියෙන මිල වැඩිම ශ්‍රම වෙළදපොළයි. අද ලංකාවේ එක් ශ්‍රමිකයෙක්, කම්කරුවෙක්, නුපුහුණු කම්කරුවෙක් වත්ත උදලු ගාන්න, ගෙයක් හදන තැනක අත් උදව් දෙන්න දවසකට ගන්නවා රුපියල් 1000ක්. ඉන්දීයානු ශ්‍රමිකයෙක් ඒ වැඩේම රුපියල් 250කට 300කට කරන්න ලැස්තියි. මේ සීපා ගිවිසුමත් සමග මේ පාළම හැදුණාම ඉන්දියානුවන් තොග පිටින් ලංකාවට එනවා. ලංකාවේ තත්වය තමයි මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහත්තයා 2002 දී අගමැති වුණාම ඉන්දියාට ලොකු තැග්ගක් දුන්නා පැමිණෙන විට ඉන්දියානුවන්ට විසා ලබා දීම (on arrival visa). ලංකාවට ඉන්දීයානු ජාතිකයෙක් ආවොත් ආපු ගමන් ලංකාවේ විසා එක දෙනවා ආපසු හරවලා යවන්නේ නෑ. එහෙන් වීසා අනුමත කරගෙන ලංකාවට එන්න ඹ්නේ නෑ. එහෙම ඇවිත් අද පිටකොටුවේ මුට්ට කර ගහන්නේ ඉන්දීයානුවන්. කොණ්ඩේ කපන්නේ බාබර් සප්පුවල ඉන්දියානුවන්, ග්‍රමීය ප්‍රදේශ වල කුඹුරු කපන්නේ ඉන්දීයානුවන්, මොන දේශවාත්සන්ය ඇගේ තිබුණත් රුපියල් 1000 වැඩේ 250කට කරන්න අවම අනිවාර්යෙන්ම එකට යොමු වෙනවා. එක පැත්තකින් සීපා වලින් කරන්න හදා ගන්න හදද්දි නීතියානුකුලව එක වෙනවා. සීපා වලින් කරන්න හදන්නේ එක නීතියානුකුල කරලා ඊට පස්සේ ඒ අය රුපියල් කොටි හැත්තෑ හතර දහක් මේ පාළම හදන්න වියදම් කරලා මොකට ද ? සිංහල කියමනක් තියෙනවා මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි. ඉන්දීයාව මෙච්චර දැවැන්ත මුදලක් පාළම වෙනුවෙන් වැය කරන්නේ එය ඉන්දීයාවේ තියෙන විරුකියාවට, දිලිදු කමට උත්තරයක් නිසා. මේ පාළම දිගේ ඉන්දියානුවන් දස දහස් ගණනින් ලක්ෂ ගණනින් පෙරහැර වගේ ලංකාවට එද්දි අපිට තියෙන්නේ එන හැමකෙනාගෙම ගමන් බලපත්‍රයට වීසා දෙන්න විතරයි. ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් නෑ අපේ මේ තියෙන ගිවිසුම් අනුව. ඒ අනුව මේ අය ආවාට පස්සේ අර අපේ ලංකාවේ අය රස්සාවල් හොයා ගෙන වඩා හොද ජිවන තත්වයන් තිබෙන ඉතාලියට, ඹ්ස්ටේලියාවට, ජපානයට යනවා. වීසා නැතුව යනවා ගිහිල්ලා ඒ රට වල හොරෙන් ඉන්නවා. හොරෙන් ඉදලා අහු වුණාම ප්ලෙන් එකේ නග්ගලා අයේ ලංකාවට එවනවා. හැබැයි මේ ඉන්දියානුවන් පාළම දිගේ ලංකාවට ඒද්දි අපි වීසා දෙනවා. වීසා දෙන්න බැරි කෙනෙක් හිටියොත් අපි හිතමු දුෂිත නිලධාරියෙක් හිටියත් අපි ඒ අයටත් වීසා දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ මේ අය ලංකාවට එන්නේ කාශ්මීරයෙන්, ඇසැමයෙන්, සීජීමයෙන් නෙවෙයි. ධනුෂ්කොඩි තියෙන්නේ තමිල්නාඩුවේ. ඉන්දීයානු දෙමළ ජනතාව තමයි ලංකාවට එන්නේ. ඒ අයගේ නම් රාම ලින්ගම් චන්ද්‍රෙස්කරන් වගේ ලංකාවේම තියෙන නම් මේ අය කතා කරන්නේ ලංකාවේ රාජ්‍ය භාෂවක් වුණ දෙමළ බස මේ අයගේ පෙනුම ලංකික ජන පෙනුමට හරි හරියට සමානයි. මේ අය ලංකාවට ඇවිත් ගමන් බලපත්‍රය වීනාශ කරලා දුෂිත නිලධාරින් ලවා ජාතික හැදුනුම්පතක් හදා ගත් පසු මේ අය 100% ලංකිකයි. ලංකාවේ කෙනෙක් හොරෙන් පැනලා ඹ්ස්ටේලියාවේ, ඉතාලියේ, ජපානයේ ඉන්නවට වඩා මේ තත්වය වෙනස්. ඒ නිසා අදටත් මේ පාළමක් නැතුව ඇෆ්ගනිස්ථානයෙන් වීශාල පිරිසක් ලංකාවට ඇවිල්ලා ලංකිකයන් විදියට හොර රහසේ ජිවත් වෙනවා. මාලදිවයිවෙන් ලංකාවට ඇවිල්ලා ව්‍යාජ ලිපි ලේඛන හදා ගෙන ලංකිකයක් විදියට දෙහිවල, රත්මලාන ප්‍රදේශ වල ජිවත් වෙනවා. ඇෆ්ගනිස්ථානයෙත්, මාලදිවයිනෙත් වැඩිපුරම ඉන්නේ මුස්ලිම් ජාතිකයන් නිසා ඔවුන්ගේ නම් ලංකික මුස්ලිම් නම් වලට සමාන නිසාත් ඔවුන්ට අද රට තුල සැගවි ඉන්න පහසු වෙලා තියෙනවා. හැබැයි තමිල්නාඩුවේ දස දහස් ලක්ෂ ගණනින් මේ රටට අවොත් මේ රටේ ජන සංයුතිය, ජන අනුපාතය වෙනස් වෙනවා, දේශිය අයට කිසිම රස්සාවක් හොයා ගන්න බැරි වෙනවා. මොකද පස් ගුණයක් ලබායි ඉන්දීයානු ශ්‍රමය. ඒ නිසා ඉන්දීයා එක පැතිතකින් මුදල් වැය කරලා මේ පාළම ඉදිකරන්නේත්, අනෙත් පැත්තෙන් සීපා අත්සන් කරන්න අපිට බල කරන්නෙත් ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න 2ක් වන විරුකියාව සහ දිලිදුකම සැහෙන්න දුරට විසද ගන්නයි. ඒ නිසා ධනුෂ්කොඩි හා තළෙයිමන්නාරම යාකරන පාළම රටට ආරක්ෂාවට තර්ජනයක්, ආර්ථිකයට තර්ජනයක්, සමාජීය තර්ජනයක්. අපි මේකට විරුද්දයි.
අද ඉන්දීයාවේ මැදිහත් වීමෙන් වර්ථමාන ආණ්ඩුව බලයට පැමිණි නිසා ලංකාවේ ජනාධිපතිවරයා හැසිරෙන්නේ ඉන්දීයානු ප්‍රන්තයක ආණ්ඩුකාරවරයා වගේ. ලංකාවේ අගමැතිවරයා හැසිරෙන්නේ ඉන්දීයාවේ ප්‍රන්තයක මහ ඇමතිවරයා වගේ. නමුත් ශ්‍රී ලංකාව ඉන්දීයාවේ 26 වන ප්‍රන්තය බවට පත් කර ගන්නා බටව මිට කලින් 1980 දශකයේ දී ඉන්දීයානු සමහර රජත්‍රන්තික නිලධාරින් කටමැද දොඩවනවා. අපි ලංකාව ඉන්දියාවේ තවත් එක් ප්‍රන්ත්‍රයක් බවට පත් කර ගන්න ඉඩ දෙන්නේ නෑ කියලා අපි ජනතාවට ප්‍රතිඥවක් ලබා දෙනවා.
ලංකාව තව දුරටත් සුද්දන්ගෙ යටත් විජිතයක් නොවේයි
මානව හිමිකම් කොමිසමේ නිර්දේෂ ගැන තමුන්නාන්සේලාගේ අවධානය යොමුකරන්න ඕනි. ලංකාවේ අපරාද විමර්ෂන ක්‍රියාවලියට ලංකාවේ අධිකරණ පද්ධතියට නිර්දය ලෙස පහර දෙමින් මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු සිය වාර්ථාව ඉදිරිපත්කරමින් කතා කලා.
මේ අවස්ථාවෙ ස්වාධීන රාජ්‍යයක විදේශඇමතිවරයා විදිහට ශ්‍රී ලංකාවෙ අභිමානය රැකෙන අයුරින් පිළිතුරු කතාව කිරීමේ වගකීමක් අපේ විදේශ ඇමතිතුමන්ට තිබුන නමුත් අපේ විදේශ ඇමතිතුමන් මොකද කලේ. අනේ මේ අපිට බනින කෙනාව වර්ණනා කරමින් වාර්ථාව වර්ණනා කරමින් අපේ විදේශ ඇමතිතුමා කතා කලේ. මෙවැනි දීන බාවයක් මීට කලින් ශ්‍රී ලංකාවෙ කවදාවත් පලවෙලා නෑ. නමුත් අපි අපේ ආණ්ඩුවට කියනව මේ මානව හිමිකම් කොමසාරිස්වරය තියෙනවායි කියන ආකාරයට විදේශික නඩුකාරවරු විදේශික විමර්ෂන නිලධාරීන් ඇවිත් මේ රටේ නඩු අහන්න මේක තව දුරටත් සුද්දන්ගෙ යටත් විජිතයක් නෙවෙයි කියන එක ලංකාවෙ ආණ්ඩුවට කියාගන්න බැරුව ඉන්න එක අපිට අද විපක්ෂයේ ඉදන් කියන්න සිදුවෙලා තියෙනව.
2009 අප්‍රේල් මාසෙ ප්‍රංශයේ විදේශ ඇමති බර්නාඩ් කෘෂ්න මහතා සහ මහා බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය මිලිබෑන්ඩ් ජෝඩු දමමින් ලංකාවට ආපු වෙලාවෙ එවකට හිටිය රටේ ජනාධිපතිතුමන්ටත් ආරක්ෂක ලේකම්වරයටත් කොන්ද තිබුන ශ්‍රීලංකාව තවදුරටත් ඔබේ යටත් විජිතයක් නොවෙයි ඔබට ඕන ආකාරයෙන් පාලනය කරන්න කියල මූනටම කියල යවන්න.
ඇඹිලිපිටියේ සියඹල ගහක් යට කියාදුන් පාඩම
තමුන්නාන්සේලට මතක ඇති ඒ ජෝඩුව ආවහම රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායන් අනුව පිළිගන්නවා වෙනුවට ඇඹිලිපිටියේ සියඹල ගහක් යට වේවැල් පුටුවල වාඩිකරවල තමයි මේ රාජ්‍යතාන්ත්‍රික පාඩම මේ අයට කියල දුන්නේ.
අවාසනාවට රට වෙනුවෙන් පෙනී ඉන්න රටේ ස්වාධිපත්තිය වෙනුවෙන් පෙනී ඉන්න ආණ්ඩුවක් මේ රටේ නැති නිසා විපක්ෂයේ ඉදන් අපිට රටේ ජනතාවගේ ස්වාධිපත්‍ය වෙනුවෙන් විදේෂයන් ඉදිරියේ පෙනී සිටින්න සිද්දවෙලා තියෙනව.
අපිට මතකයි ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම නවකතාව චිත්‍රපටියට නැගුව. අපි පොඩිකාලෙ ඒක බලල තියෙනව. ඒ චිත්‍රපටියේ බැද්දේගම සිලිදුට එරෙහිව හම්බන්තොට උසාවියේ නඩු අහද්දි ඔහුට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ල වෙනවා. නඩුව අහන්නේ ඉංග්‍රීසියෙන්. සිලිදු තමන්ට එරෙහි චෝදනා මොකක්ද කියල දන්නෙනෑ. සිලිදු දන්නේ නෑ තමන්ව වැරදිකරු බවට පත්කලා කියල. සිලුදුව අරන් ගිහින් මරාදමන තුරු සිලුදු දන්නෙනෑ තමන් මරන්න ගෙනියනව කියල. ඉංග්‍රීසි අධිරාජ්‍යයට එරෙහිව අපි සටන්කලේ සිලිදු මූනදුන්න ඒ අවාසනාවන්ත ඉරනමෙන් ජාතියේ අනාගතය බේරාගන්නයි. නමුත් අවාසනාවකට එදා බැද්දේගම සිලිදු මූනදුන්න ඒ අවාසනාවන්ත තත්වයට අනාගතේ අපේ රණවිරුව්නට මුහුනදෙන්න වෙනව කියන එකයි මේ දෙමුහුන් අපරාධ අධිකරනයෙන් පෙන්වාදෙන්නේ. බැද්දේගම සිලුදුගේ ඉරනම අපේ රටේ රණවිරුවන්ට අත්වෙන්න අපි ඉඩතියන්නෙ නෑ. අපි වගකීමෙන් නිදහස් කිරීමේ පනතක් ගෙනවිත් අපේ රණවිරුවන් බේරගන්නවා.
ඒ වගේම රටේ අගමැතිතුමන් මේ දවස්වල මට බැනගෙන බැනගෙන යනව මොකක්ද වගකීමෙන් නිදහස් වීමේ පනත පැනල දීමක් කියල. වගකීමෙන් නිදහස් කිරීමේ පනත නරක දෙයක් නම් වැරදි දෙයක් නම් 1982 දීත් 1988 දීත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු වගකීමෙන් නිදහස්කිරීමේ පනත් ගෙනාවහම අගමැතිතතුමා අත ඉස්සුවෙ ඇයි. එදා කලේ වරදක් නම් ඒක දැන් රටට කියන්න. එහෙම නැත්නම් එදා කරද්දි හරි වෙලා අද කරද්දි වැරදිවෙන්නෙ කොහොමද කියන එක අද රටට කියන්න. අපි දන්නව ගොනා හැරෙන්නේ පොල්පැලේ කන්නයි කියල. මීට කලින් අපි දරුස්මාන් වාර්ථාව පිටවෙන්න කලින් දරුස්මාන් කමුටුවේ පසුබිම පැහැදිලි කරමින් වාර්ථාවේ අන්තර්ගතය ගැන අනාවැකි පලකලා. ඒ අනාවැකි සැබෑ උනා. ඒ වගේම අපි නවනීදන් පිල්ලෙ ලංකාවට එනවිට එයට විරෝධය පලකරමින් ඇය ලංකාවෙන් යනවිට කරන ප්‍රකාශය පිලිබද අනිවැකි පල කළා. ඒක සැබෑ වුනා. 2012 හිදි ඇමරිකානු එක්සත් ජනපදය මානව හිමිකම් කොමිසමට යෝජනාවක් ගේනව කියද්දි එහි අන්තර්ගතය වන්නේ මෙන්න මේ දේවල්ය කියල අපි විරෝධය පල කලා. ඒ අනාවැකියත් සැබෑ වුනා. මේ යුධ අපරාධ අධිකරනය පිහිටවන්නේ අපේ රණවිරුවන්ට බොරු චෝදනා එල්ල කරල කොටි මනදොළ සැපිරීමටයි කියල අපි දන්නව. මේ පසුබිම අපි දන්න නිසයි අපි මේ යුධ අපරාද අධිකරනයට විරුද්ධ වෙන්නෙත් අපේ රණවිරුවන් බේරගන්න වගකීමෙන් නිදහස් වීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන්නෙත්. ඒ වගේම අපි විදේශ ඇමතිතුමන්ට අභියෝගයක් කරනවා මානව හිමිකමි කොමිසම මීට කලින් මෙවැනි අධිකරනයක් ලෝකයේ කිසිම රටකට නිර්දේශ කරල තියෙනවනම් පෙන්වන්න කියන අභියෝගය අපි ඉදිරිපත් කරනව. ඇයි අපිට විතරක් මෙහෙම කරන්නේ. එහෙනම් මුලින්ම මෙවැනි අධිකරනයක් ඇතිකල යුත්තේ ඇමරිකාවෙ. දශ ලක්ෂ ගණනින් ඉරාක ඇෆ්ගනිස්ථාන ජනතාව ඔවුන්ගෙ රටට ගිහිල්ල මරාදැම්ම. අපේ රටේ රණවිරුවන් කලෙ ත්‍රස්තවාදීන් අපේ රට තුල මර්ධනය කිරීමයි. ස්වාධිපත්‍ය තියෙන ඕනෑම රටක හමුදාවට තියෙන අයිතියක්. නමුත් ඇමරිකාවට නැති දෙමුහුන් අපාරධ අදිකරනයක් ලංකාවට ඇයි කියන ප්‍රශ්නයට මංගල සමරවිර මැතිතුමා එදා මානව හියිකම් කොමිසමේ ප්‍රශ්නකල යුතුව තිබුනා. ඒත් යටත් වැසියෙක් වගේ දොහොත් මුදුන් දී සුද්ද දෙන ඕන දෙයක් අරන් එන වත්මන් ආණ්ඩුවේ බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිය නිසා අද රටේ රණවිරුවන් අවදානමකට වැටිලයි කියන එක අගමැතිතුමාටත් විදේශ ඇමතිතතුමාටත් අපි මතක්කරල දෙනව.
මෙම අවස්ථාව සදහා පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේඛම් නීතිඥ උදය ගම්මන්පිල, ජාතික සංවිධායක මධුමාදව අරවින්ද, ජ්‍යාත්‍යන්තර සබදතා පිළිබද ලේඛම් සුගීෂ්වර බණ්ඩාර, කොළඔ දිසා ලේඛම් අනුර කරුණාරත්න ඇතුළු පිරිසක් සහභාගී විය.
මෙම අවස්ථාව සදහා පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේඛම් නීතිඥ උදය ගම්මන්පිල, ජාතික සංවිධායක මධුමාදව අරවින්ද, ජ්‍යාත්‍යන්තර සබදතා පිළිබද ලේඛම් සුගීෂ්වර බණ්ඩාර, කොළඔ දිසා ලේඛම් අනුර කරුණාරත්න ඇතුළු පිරිසක් සහභාගී විය.
Related