කැස්පියන් මුහුදේ සිට ISIS ත්‍රස්තයන්ට රුසියාව පහර දෙන හැටි [VIDEO]
සිරියාවේ ISIS ඉලක්ක වෙත ප‍්‍රහාර එල්ල කිරීම සඳහා රුසියානු යුධ නෞකාවන්ද එක්ව සිටිති. කැස්පියන් මුහුදේ සිට රුසියානු නෞකා සිරියාවේ ඉලක්...
https://www.sathhanda.com/2015/10/Russian-warships-attack-ISIS-positions-in-Syria-from-Caspian-Sea.html
සිරියාවේ ISIS ඉලක්ක වෙත ප‍්‍රහාර එල්ල කිරීම සඳහා රුසියානු යුධ නෞකාවන්ද එක්ව සිටිති. කැස්පියන් මුහුදේ සිට රුසියානු නෞකා සිරියාවේ ඉලක්ක වෙත මිසයිල ප‍්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝවක් රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පළ කර ඇත.
රුසියානු බලධාරීන් පවසා ඇත්තේ ඩාගෙස්ථාන මිසයිල ප‍්‍රහාරක නෞකාව සහ ග‍්‍රාඞ් ස්වියාෂ්ක් හා වෙලිකි උස්ටිඋග් නම් කුඩා පරිමාණයේ මිසයිල ප‍්‍රහාරක නෞකාවන් පසුගිය රාත‍්‍රියේ එල්ල කළ ප‍්‍රහාර සඳහා සහභාගී වූ බවයි.
රුසියානු යුධ නෞකාවන් ISIS ඉලක්ක වෙතට කෲස් මිසයිල එල්ල කළ බවත් ඒ සියල්ල Kalibr NK අති නිරවද්‍ය නෞකා මිසයිල පද්ධති යොදාගෙන දියත් කළ බවත් රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශ නිවේදනයේ සඳහන් වේ.
එල්ල කරන ලද සියලූ කෲස් මිසයිල අදාළ ඉලක්ක වෙත ඉතාමත් නිරවද්‍ය ලෙස ගමන් කර ඒවා විනාශ කළ බව රුසියාව පවසා ඇත.
සැප්තැම්බර් 30වනදා සිරියාවේ ISIS ත‍්‍රස්තවාදී ඉලක්ක වෙත ගුවන් ප‍්‍රහාර ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා විධාන මධ්‍යස්ථාන, අවි ආයුධ ගබඩා, සන්නද්ධ රථ ඇතුළු ISIS ඉලක්ක 112ක් වැනසීමට රුසියාව විසිස්න සමත්ව ඇති බව වාර්තා වේ.



Related