පසුගිය කල වැපිරූ බොරු එකක්වත් ඔප්පු කරගැනීමට නොහැවූ පිරිසකට ආතතිය - හීනෙන් දැකපුවත් කියවයි
පසුගිය මැතිවරණ සමයේ ජනතාව මුලා කිරීම සඳහා සැලසුම් සහගතව සිදුකරනු ලැබූ දුෂණය සම්බන්ධ ව්‍යාජ පුවත් මැවීම තවමත් පිරිසකට නවත්වාගැනීමට නොහැකිව...
https://www.sathhanda.com/2015/10/sri-lanka-media-lies.html
පසුගිය මැතිවරණ සමයේ ජනතාව මුලා කිරීම සඳහා සැලසුම් සහගතව සිදුකරනු ලැබූ දුෂණය සම්බන්ධ ව්‍යාජ පුවත් මැවීම තවමත් පිරිසකට නවත්වාගැනීමට නොහැකිව පවතී. මංගලගේ බේගල් ෆැක්ටරියේ නිර්මාණ කරනු ලැබූ මෙම පුවත් ප්‍රචාරය සඳහාද ඔවුන්ම අටවා ගත් වෙබ් අඩවි කිහිපයක් පවතී. අද වනතුරුත් ඒවායින් එකක් හෝ සැකයකින් තොරව ඔප්පු කර ගැනීමට නොහැකිව පවතින මොහොතක තම පැවැත්ම සදහා නිදි යහනේ දුටු සිහිනද පුවත් ලෙස පල කරමින් සිටි.
එනම් මේ කාලකන්නි හැතිකරය නිර්මාණය කරනු ලැබූ නවතම පුවත නම් මහින්ද රාජපක්ෂ රත්තරන් සහ සල්ලි කන්ටේනර් 11ක් මුහුද යට තැන්පත් කර ඇති බවය. එයත් ගණිතය අසමත් වර්තමාන විදේශ ඇමතිගේ ඩොලර් බිලියන 18 වැනිම වූ ගල් පැලෙන බොරුවකි. මේ ගොන් වහන්සේලා මෙවන් පුවතක් නිර්මාණය කිරීමට ප්‍රථමව කන්ටේනර් 11ක තැන්පත් කල හැකි රත්තරන් සහ මුදල් ප්‍රමාණය කෙතරම්ද වත් අවබෝධයක් නොමැති ගොන් රැලකි. මුන්ගේ හැටියට බාගෙට බාගයක් සල්ලි සහ ඉතුරු බාගය රත්තරන් ලෙස සැලකුව හොත්, කන්ටේනර් 6කට අසන්න මුදල් කන්ටේනර් තිබිය යුතුය. එය ලංකාවේ මුදල් වලින් සිදු නොවිය හැක්කේ, කන්ටේනර් 6ක් පිරවීමට ලංකාවේ මුදල් එකතු කලවිට එය ලංකාවේ මුදල් හිගයක් නිකන්ම් නිර්මාණය වන බැවිනි. එසේනම් ඇමෙරිකානු ඩොලර් වැඩිම වටිනාමක ඇති ඩොලර් 100 නෝට්ටු නම්, කන්ටේනර් ගණනක් පිරවීමට තරම් මුදල් කඩදාසි හුවමාරුවක් ඇමෙරිකාව නොදැනුවත්ව කිසිම අකාරයකට සිදුකල නොහැකි නිසාවෙනි.
මෙවන් බේගල් සමාජගත කිරීමට උත්සහ කිරීම දැන් පලක් නොවන අතර අවශ්‍ය නම් එකල තමන් පැතිරවූ බේගල් වල තරම කලපනා කරමින් ස්වයං වින්දනයක යෙදිය හැකිය. මොකද මතුවටත් ජනතාව තවත් ඕවාට නොරැවටෙන බැවිනි.



Related