දෙමුහුන් අධිකරණයට වඩා බරපතල දෙමුහුන් අධිකරණ යාන්ත්‍රණය ගම්මන්පිල විස්තර කරයි.
අද දින එන් එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති විපක්ෂයේ පක්ෂ නායක මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල පවසා සිටියේ , "කෙනෙක් පිරිමියෙක්...
https://www.sathhanda.com/2015/10/gammanpila-speaks-about-hybrid-courts.html

අද දින එන් එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති විපක්ෂයේ පක්ෂ නායක මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල පවසා සිටියේ ,
"කෙනෙක් පිරිමියෙක් කියල හදුනගන්නෙ හැදුනුම්පතේ පිරිමියෙක් කියල තියෙන නිසාම නෙවෙයි. පිරිමි ලක්ෂණ ඔහුට තියෙන නිසා. කාන්තාවක් උනත් එහෙමයි. එහෙමනම් දෙමුහුන්ද නැද්ද කියන එක තීරනය වෙන්නේ දෙමුහුන් ලක්ෂණ තියෙනවද නැද්ද කියන එකෙනුයි."
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,
මේ දිනවල විපක්ෂයේ අපි කියනවා යෝජිත අධිකරණ යාන්ත්‍රණය දෙමුහුන් අධිකරණ යාන්ත්‍රණයක් කියලා. ආණ්ඩුවෙ අය කියනවා ඒක දේශිය යාන්ත්‍රණයක් කියලා. අපි මේක මහා පාවාදීමක් කියා කියද්දි ආණ්ඩුවෙන් කියනවා ජාතිය ගලවාගත්ත මහා විජයග්‍රහනයක් කියල. මේ දෙපැත්තෙ කතා දෙක අහන් ඉන්න කොට රටේ ජනතාවට හිතෙනවා දෙයියනේ මේ අය කතාකරන්නේ යෝජනා දෙකක් ගැනද කියල. එක යෝජනාවක් ගැනනම් මෙහෙම කියන්න බෑ නේද කියල.
ඒ නිසා අපි කතාකරන්නෙ ශ්‍රී ලංකාවෙ විදේශ අමාත්‍යන්ශයේ කෙටුම්පත් යෝජනාවක් විදිහට තමන්ගෙ වෙබ් අඩවියේ පලකර ඇති යෝජනාව ගැනයි.
ආණ්ඩුව කනතාකරන්නේ වෙනත් යෝජනාවක් ගැනනම්. මේ දෙමුහුන් නෑ කියන පාවාදීමක් නොවේය කියන ඒ යෝජනාව කරුණාකරල පාර්ලිමේන්තුවේ සභාගත කරන්න රටට ඉදිරිපත්කරන්න කියල අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ඇයි මේ අය ප්‍රකාශ කරන්නේ මානව හිමිකමි කොමසාරිස්වරයාගේ වාර්තාවෙනම් දෙමුහුන් කියල තිබ්බ යෝජනාවෙ කොතනකවත් දෙමුහුන් නෑනෙ කියල. මිත්‍රවරුනි අපි යමක් වර්ග කරන්නෙ ඒ මත අලවල තිබෙන ලේබල දිහා බලල නෙවෙයි. ඒකෙ ලක්ෂණ දිහා බලල. ශ්‍රී ලංකාවෙ ඒකීය රාජ්‍යයක ලක්ෂණ තියෙනව. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ඒකීය කියල සදහන් වෙලත් තියෙනව. අන්න ලේබලෙත් ගහල ලක්ෂණත් තියෙනව.
ඉන්දීය ව්‍යවස්ථාවෙ ෆෙඩරල් ව්‍යවස්ථාවක් ලෙස ලෝකෙම පිළිගන්නව. නමුත් ඉන්දීය ව්‍යවස්ථාවෙ කොතනකවත් ෆෙඩරල් කියල ගහල නෑ. ඉන්දියාව ෆෙඩරල් රාජ්‍යයකි කියල ලියල නෑ. හැබැයි එහි ලක්ෂණ දිහා බලල හැමෝම ඒකමතිකව තීරනය කර තියෙනව ඉන්දියාව ෆෙඩරල් රටක් කියල.
කෙනෙක් පිරිමියෙක් කියල හදුනගන්නෙ හැදුනුම්පතේ පිරිමියෙක් කියල තියෙන නිසාම නෙවෙයි. පිරිමි ලක්ෂණ ඔහුට තියෙන නිසා. කාන්තාවක් උනත් එහෙමයි. එහෙමනම් දෙමුහුන්ද නැද්ද කියන එක තීරනය වෙන්නේ දෙමුහුන් ලක්ෂණ තියෙනවද නැද්ද කියන එකෙනුයි.
අපේ අධිකරණ යාන්ත්‍රණයේ දේශිය අයගෙන් පමනක් සමන්විත වෙනවනම් ඒක දේශීය යාන්ත්‍රණයක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විනිසුරුවන් අභියෝජකයන් විමර්ශන නිලධාරීන් පත්කෙරෙනව නම් ඒක ජ්‍යාත්‍යන්තර යාන්ත්‍රණයක්. විදේශ රටවලින් ඒ අය නම්කරනව නම් ඒක විදේශ යාන්ත්‍රණයක්. මේ සියලු ලක්ෂණ එකට තියෙනව නම් මේක දෙමුහුන් යාන්ත්‍රණයක්.
අපි මේක දෙමුහුන් යාන්ත්‍රණයක් කියන්නේ හයවන ක්‍රියාන්විත ජේදයේ විදේශිය විනිසුරන් විදේශිය අභියෝජකයන් විදේශිය නීතිඥයන් විදේශීය විමර්ෂන නිලධාරීන් සිටින බව පෙනෙන නිසයි. බොහෝ දෙනෙක් කියනව මේක දෙමුහුන් අධිකරණයක් කියල. නෑ මේක ඊටත් එහා ගිය එකක්. දෙමුහුන් අධිකරණ යාන්ත්‍රණයක්. දෙමුහුන් අධිකරණයක්නම් එහි සිටින්නේ විදේශීය විනිසුරුවරුන් විතරයි. ඉන් එහාට ගිහිල්ල අපේ නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය කරන අභියෝජක විදිහට කටයුතු කරන තැනත් විදේශියයන් ඉන්නවා.
පොලීසියේ කාර්ය වන විමර්ශණය කිරීමේදීත් විදේශිකයන් ඉන්නව. අපේ සාමාන්‍ය නිල නොවන මණ්ඩලයේ නීතිඥයන් ඉන්න තැනත් විත්තියේ නීතිඥයන්ගේ කාර්ය කරන තැනත් විදේශිකයන් ඉන්නව. ඒ නිසා තමයි මේක දෙමුහුන් අධිකරණයක් නොවෙයි අධිකරණ පද්ධතිය පුරාවම විදේශිකයන් ඉන්න නිසා දෙමුහුන් අදිකරණ පද්ධතියක් නැතිනම් දෙමුහුන් අධිකරණ යාන්ත්‍රණයක් බවට පත්වෙන්නේ.
යෝජනාවෙ ඉතා නිවරදිව පාවාචිචි කරල තිනෙව judicial Mechanism කියන වචනය. ඒ කියන්නෙ සමස්ත යාන්ත්‍රණයම විදේශියකයන්ගේ සහභාගීත්වයෙන් සිදුවෙන්නේ.
උදලා ගම , පරනගම වාර්තා රටට හෙළිකරන්න
අපි පහුගිය කාළේ ඉල්ලිමක් කලා උදලා ගම වාර්තාව හෙළිකරන්න, පරනගම වාර්තාව හෙළිකරන්න මෙක ජත්‍යන්තරය සමග ගැටෙන සටනේ දී මේ සටනේ දී අපිට ශක්තියක් වෙයි. අගමැතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් මේ මාසේ 26 වෙනිදාට එම වාර්තා හෙළිකරනවා කියලා. එක බෝහොම හොද දෙයක් අපිට අගමැතිතුමාට බෝහොම කලාතුරකින් තමයි අපිට හොදයි කියන්න පුළුවන් වුණේ.
හොද දේ අගමැතිතුමා කලත් අපි අගය කරනවා එක බෝහොම හොදයි. හැබැයි එතනින් නතර වෙන්න එපා අපේ ප්‍රභලම ඉල්ලිම වුණේ ශ්‍රීමත් රාජ්‍ය නීතිඥ ඩෙස්මන් ද සිල්වා මහතාගේ වාර්තාව අවාම එක ඉදිරිපත් කරන එකයි. උදලාගම වාර්තාව පෙන්නලා, පරනගම වාර්තාව පෙන්නලා ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු නොවුනයි යුද අපරාධ පිළිබද ලොව සිටින කිර්තිමත්ම පුද්ගලයෙක් වන ශ්‍රීමත් රාජ්‍ය නීතිඥ ඩෙස්මන් ද සිල්වා මහතාගේ වාර්තාව වහාම හෙළි කරන්නයි කියලා අපි ආණ්ඩුවට කියනවා. අපි ශ්‍රීමත් රාජ්‍ය නීතිඥ ඩෙස්මන් ද සිල්වා මහතාගේ වාර්තාව හෙළි කරන්න කියලා ආණ්ඩුවට කියන්නේ ඔහු ලංකිකයෙක් වීම විතරක් නෙවෙයි, ඔහු ලොකයේ ඉන්න යුද අපරාධ විශේඥයකු නිසායි.
කවුද මේ ශ්‍රීමත් රාජ්‍ය නීතිඥ ඩෙස්මන් ද සිල්වා මහතා ඔහු තමයි සියරා රියොන් කියන යුද අපරාධ පිළිබද එක්සත් ජාතින්ගේ යුද අපරාධ අධිකරණයේ අභියොජක කාර්යලයේ අභියොජක නැතිනම් නීතිපතිගේ කාර්ය සිදු කල පුද්ගලයා. ඔහු තමයි ගාසාතිරයට ආධාර අරගෙන විදේශිය නැව් වලින් පැමිණෙද්දි ඒ නැව් වලට ඉශ්‍රයලය පහර දුන්නාම ඒ පිළිබදව සොයා බලා එක්සත් ජාතින්ගේ සංවිධානයට වාර්තා කරන්න එක්සත් ජාතින්ගේ සංවිධානය පත් කල ප්‍රධාන විමර්ශන නිලධාරියා. ඒ වගේම එතුමා බිත්‍රතන්‍ය ආණ්ඩුවේ නිති උපදේශකවරයෙක්. ඒ විතරක් නොවෙයි බිත්‍රතන්‍ය රැජිනට උපදෙස් දීමට තිබෙන ඉහලම මණ්ඩලය වන පිවි කවුන්සිලය (Privy councils) සමස්ත කොමන්ට් වෙල්ත් (commonwealth) එකේම ඉහලම අධිකරණය වන, රැජිනට උපදෙස් දෙන ඉහලම මණ්ඩලය වන පිවි කවුන්සිලයේ (Privy councils) සමාජිකයෙක්.
බටහිර ලෝක පිළිගත් චරිතයක් පවා අපි කියන දේ පිළිගන්න බැරිනම් එංගලන්තයේ එක්සත් ජාතින්ගේ සංවිධානය, ඇමරිකාව යන සියළු දෙනාම පිළිගත් චරිතයක් පවා ලංකාවේ වුනේ මොකක් දැයි විවරනය කරලා තියෙද්දිත් ඇයි ඒ වාර්තාව යටපත් කරන්නේ? එකේ කවුරුහරි වැරදි කරලා තියෙනවනම් එවාත් හෙළිකරන්න. වැරදි කරපු අයව දඩුවම් කිරීමක් අපි සගවන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ රටේ ස්වාධිපත්තිය විනාශ කිරීමට දරන වැයමයි අපි අභියොගයට ලක් කරන්නේ.
“ ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට”
ඒ වගේම අද මේ ඇමරිකාවට බිත්‍රතන්‍යයට ලංකාව පිළිබද තියෙන උනන්දුව තමන් පිළිබද නැනේ. 2009 දී බිත්‍රතන්‍ය , ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය සිදුකරන ලද යුද අපරාධ පිළිබද සොයා බැලිමට පත් කරා ශිමත් ජොන් චිල්කොට්ගේ සභාපතිත්වයෙන් චිල්කොට් කොමිසම 2009 දී පත් කළේ. අපේ උගත් පාඩම් කොමිසමට කලින් පත් කලේ. එක නිසා අපි බිත්‍රතන්‍යයට අභියොග කරනවා ලංකාවේ මානව හිමිකම් කඩවිම් සේවීමට කලින් තමන්ගේ හමුදා මානව හිමිකම් කඩවිම් පිලිබද සොයා බලා සකස් කර තිබෙන චිල්කොට් වාර්තාව වහාම හෙළිකරන්න “ ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට” කියලා අපි ඉංග්‍රිසින්ට සිංහලෙන් කියන්න කැමතියි.


Related