හරීන් බිස්නස් එකක් කරගන්න හදද්දීන් අකිලගෙන් බාල්දියක්
දෙමාපියන්ට දරුවා සිටින තැන සොයාගත හැකි, දරුවාට දෙමාපියන් සහ පොලීසිය ඇමතිය හැකි ආකාරයේ සරල දුරකථනයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව විදුලි සංදේශ...

https://www.sathhanda.com/2015/10/harin-fernando-child-phone.html
දෙමාපියන්ට දරුවා සිටින තැන සොයාගත හැකි, දරුවාට දෙමාපියන් සහ පොලීසිය ඇමතිය හැකි ආකාරයේ සරල දුරකථනයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. එම දුරකථන දැනට වෙළඳපොලේ පවතින අතර අමාත්යංශය මැදහත් වී සියලු ළමුන්ට මෙය ලබා දීමට සැලසුම් කර තිබුනේ යම් මිලක් යටතේය. එය වෙළඳපොලේ මිලට වඩා යම් ප්‍රමාණයක් වැඩිවිය හැකි බවද සඳහන් වුවා. එයට හේතුවුයේ එයට සේවා සපයන දුරකථන සමාගම් සදහාද ගෙවීමක් අවශ්‍ය ව නිසා යයි පැවසුනි. ලංකාවේ දුරකථන සමාගම්ද මෙය දෙස වැඩි අවධානයක් යොමු වුයේ මෙය මහාපරිමාණ ගනුදෙනුවක් නිසාවෙනි. එමෙන්ම දැනගන්නට ලැබෙන පරිදි හරීන්ද තමන්ගේ හෙන්චයියන් කිහිප දෙනෙකු දැනට මෙම ව්‍යාපෘතිය සඳහා යොදවා ඇති අතර මහා දුෂණයක් වීමේ පෙර නිමිති පහලව තිබේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ පාසල් කාලය තුළ දරුවන්ට මෙවැනි උපකරණයක් භාවිතා කිරීමට දැනට පවතින රෙගුලාසි යටතේ අවකාශයක් නොමැති බවයි.
එහෙත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශෆ් ස්ටාලින් ප්‍රකාශ කරන්නේ අමාත්‍යංශය හරහා මෙම දුරකතනයක් ලබාදෙන්නේ නම් එය නොමිලයේ ලබාදිය යුතු බවය. එසේ නොමැති නම් දැනටමත් අවශ්‍ය දෙමාපියන්ට එය වෙළඳපොලෙන් ලබාගත හැකිය.
Related