කොන්දොස්තරගේ මුදල් හුළගේ ගියා - කොන්දොස්තර දුවගෙන එද්දින් මිනිස්සු සල්ලි ඇහිදන් ගියා
ගාල්ල සිට සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබු ලංගම බසයක්, හික්‌කඩුව බස් නැවතුමේ නතර කළ පසු කොන්දොස්‌තරවරයා පා පුවරුව ආසන්නයේ සිට ටිකට් කඩමි...

https://www.sathhanda.com/2015/10/hikkaduwa-bus-conductor.html
ගාල්ල සිට සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබු ලංගම බසයක්, හික්‌කඩුව බස් නැවතුමේ නතර කළ පසු කොන්දොස්‌තරවරයා පා පුවරුව ආසන්නයේ සිට ටිකට් කඩමින් සිටියේය. බස් රථය මේ වන විට සීනිගම දේවාලය ආසන්නයට පැමිණ තිබිණි. මගියකු ප්‍රවේශ පත්‍රයක් දී මුදල් ගනිමින් සිටියේය. කොන්දොස්‌තරවරයාගේ මුදල් ඒ වන විට ටිකට් පොතේ රඳවාගෙන තිබිණි.
ප්‍රවේශ පත්‍ර දී ඉතිරි මුදල් දීමට සූදානම් වෙද්දී මුහුදු වෙරළ දෙසින් සුළඟක් එකවර හමා ගියේය. කොන්දොස්‌තරවරයාගේ ටිකට් පොතේ මුදල් නෝට්‌ටු සියල්ල සුළඟේ පාවී ගියේ කොන්දොස්‌තරවරයාට කිsසිවක් කර කියා ගැනීමට ඉඩ නොතබමිණි. වහා බස් රථය නතර කර ගැනීමට කොන්දොස්‌තරවරයා සමත් වුවත් මුදල් සුළඟේ ගිය ස්‌ථානයේ බස් රථය ටික දුරක් ගොස් තිබිණි.
වහා බැසගත් කොන්දොස්‌තරවරයා සුළඟේ ගිය මුදල් නෝට්‌ටු සොයා ගියත් ඒ වන විටත් පාරේ ගමන් කළ බොහෝ දෙනා ඒ මුදල් ඇහිඳගෙන ගියේ කොන්දොස්‌තරවරයා දිව එන බව දැක දැකය. එය දැන දැන සිදුකල මංකොල්ල කෑමකි.
Related