තේ දළු කිලෝව 50ට බහි - තේ පොවන්නෝ වහ බොති
මෙරට තේ කර්මාන්තය දැවැන්ත ලෙස කඩා වැටීමකට ලක්ව ඇති බවත් ඉදිරියේදි අමු තේ දළු කිලෝවක් රුපියල් පනහකටත් වඩා අඩු මිලකට වැටිය හැකි බවත් තේ කර්...

https://www.sathhanda.com/2015/10/sri-lanka-tea-price.html
මෙරට තේ කර්මාන්තය දැවැන්ත ලෙස කඩා වැටීමකට ලක්ව ඇති බවත් ඉදිරියේදි අමු තේ දළු කිලෝවක් රුපියල් පනහකටත් වඩා අඩු මිලකට වැටිය හැකි බවත් තේ කර්මාන්තශාලා හිමියෝ පවසති.
දැනට මාස දෙක තුනකට පෙර රුපියල් හැත්තෑවත් අසූවත් අතර මිලක් ගෙවූ කර්මාන්තශාලා පසුගිය මාසයේ රුපියල් පනහත් හැටත් අතර අඩු මිලක් ගෙවූ බව ද පවසන කුඩා තේ වතු හිමියෝ ලබන මාසය වන විට මෙම මිල ගණන් තවත් පහළ යනු ඇතැයිද කියා සිටිති.
මෙනිසා කර්මාන්තය ආශ්‍රිතව රැකියා කරන්නන් මිලියනයක් පමණ ප්‍රමාණයක් දැඩි අවධානමකට ලක්ව ඇති බවද ඔවුහු කියා සිටිති.
Related