කහවත්තේ පළපුරුදු ඝාතකයා කිසිදු සාක්ෂියක් ඉතිරි කර නැ
කහවත්ත කොටකෙතන ඕපාතවත්ත ප්‍රදේශයේදී හතළිස් අට හැවිරිදි කාන්තාව කපා කොටා මරා දැමූ සාහසිකයා පළපුරුදු ඝාතකයකු විය හැකි බව පොලිසිය සැක කරනවා, ...
https://www.sathhanda.com/2015/10/kahawatta-kotakethana-opatha-woman-hacked-to-death.html
කහවත්ත කොටකෙතන ඕපාතවත්ත ප්‍රදේශයේදී හතළිස් අට හැවිරිදි කාන්තාව කපා කොටා මරා දැමූ සාහසිකයා පළපුරුදු ඝාතකයකු විය හැකි බව පොලිසිය සැක කරනවා,
ඝාතනය සිදුකර පලාගිය සාමාජිකයා මිනීමැරුමට අදාළව කිසිදු සාක්ෂියක් ඉතිරි කර නොමැති බව පොලිසිය සඳහන් කළා.
මෙම කාන්තාව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයන් සියයකට ආසන්න පිරිසකගෙන් මේ වන විට ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මෙම ඝාතනයෙන් පසු කහවත්ත ප්‍රදේශයේ ජනතාව නැවතත් දැඩි භීතියට පත්ව සිටින අතර ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදවා ඇති බව ද පොලිසිය පවසනවා.


Related