මෛත්‍රීගේ බැනර් කටවුට් කොළඹ පුරා

ජනාධිපතිවරයා එක්‌සත් ජාතීන්ගේ සමුළුව අමතා ඊයේ (02 දා) යළි ශ්‍රී ලංකාවට පැමිණෙද්දී කටුනායක අධිවේගී මාර්ගයේ හා කොළඹ නගර පුරා ජනාධිපතිවරයා...

ජනාධිපති එපා කීවාට මගදෙපස කටවුට්‌ !

ජනාධිපතිවරයා එක්‌සත් ජාතීන්ගේ සමුළුව අමතා ඊයේ (02 දා) යළි ශ්‍රී ලංකාවට පැමිණෙද්දී කටුනායක අධිවේගී මාර්ගයේ හා කොළඹ නගර පුරා ජනාධිපතිවරයාගේ රුව සහිත බැනර්, කටවුට්‌ හා පෝස්‌ටර් ප්‍රදර්ශනය කර තිබිණි.

පසුගිය කාලයේ මහින්ද ගේ බැනර් කටවුට් වලට පලු යන්න බැන්න පිරිසද මෙසේ තමනට ලකුණු දාගැනීමට කටයුතු කර තිබුණි. හාස්‍යට කරුණ නම් මෛත්‍රී රණවිරුවන්ගේ ගෞරවය රැකදුන්න බව ඒවා හැම එකකම වගේ සඳහන් වීමයි. එනම් මෙම කටවුට් සහ බැනර් යොදා මෛත්‍රී රණවිරුවන්ගේ ගෞරුවය රැකගත් බවට මතයක් ඇති කරන ලෙස උපදෙස් ලබා දී ඇත්තේද ජනාධිපති කර්යාලයෙන්ම විය යුතුය.

යුද්ධයක් ජයග්‍රණය කිරීම යනු එයට දායක වූ රණවිරුවාට ලැබෙන ඉහලම ගෞරවය වේ. නැතුව බටහිර බලවතුන් හමුවේ නිවට නියාලු කොන්ද පන නැති නායකයකු මේන් නකුට දෙපයේ රඳවා බටහිරයන්ගේ වුවනවට අනුව ගෙන එන ජාත්‍යන්තර පරීක්ෂණයේ නව මුහුණුවරට කැමති වීමෙන් රණවිරුවන්ගේ ගෞරවය කෙසේ රැකගත්තේ දැයි මේ කටවුට් වහන්සේලා පැහැදිලි කල යුතුය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7941401456586069675

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item