රණවිරුවන් රැක බලා ගැනීම ආණ්ඩුවේ යුතුකමයි - මහින්දගෙන් නිවේදනයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහි අ‍මෙරිකානු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීම ලංකාව ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍ර‍හනයක් හැටියට ඇතැම් අය හුවා දක්වනු ලැබුවද එම මතයට තමාට එකඟ විය නොහැකි බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය නි‍වේදනයක් නිකුත් කරමින්ය.

එම මාධ්‍ය නිවේදනය පහත පරිදි වෙයි.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීම ලංකාව ලැබූ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍ර‍හනයක් හැටියට ඇතැම් අය හුවා දක්වනු ලැබුවද එම මතයට මට එකඟ විය නොහැක . සම්මත වූ යෝජනාවේ 06 වෙනි ක්‍රියාන්විත ඡේදයට අනුව ලංකාවේ සිදු වූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් විමර්ශනය කිරීමට පිහිටුවන යාන්ත්‍ර‍නය තුළ විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන්, විමර්ශන නිලධාරීන් හා නීතීඥයන්ගේ සහභාගීත්වය තිබිය යුතු වේ. 08 වන ක්‍රියාන්විත ඡේද‍යට අනුව ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා තුළ මානව හිමිකම් උල්ලංඝණය කළ බවට සැක කරන සාමාජිකයන් උසාවියකට ඉදිරිපත් කිරීමට තරම් සාක්‍ෂි නැතත් පරිපාලනමය ක්‍රියාදාමයකින් සේවයෙන් ඉවත් කළ යුතු වේ. 

04 වන ක්‍රියාන්විත ඡේදයට අනුව ලංකාවේ යුද සමය අලලා බිහි කරන මේ යාන්ත්‍ර‍නයන් වලට විදේශීය රටවල් වලින් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ඉඩ සැලසේග එයින් සිදු වන්නේ මේ ඊනියා ශ්‍රී ලාංකික යාන්ත්‍ර‍නය විදේශීය බලවතුන්ගේ මුදල් වලින් පවත්වාගෙන යන ආයතන බවට පත්වීමයි. 

ඒ මෙම යෝජනාවේ අඩංගු අහිකර ක්‍රියාන්විත ඡේදවලින් කීපයක් පමණි. මෙකී යෝජනාව සම්මත වීමෙන් පසු අගමැතිවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාව දැන් මානව හිමිකම් කවුන්සිලයේ න්‍යාය පත්‍ර‍යෙන් ඉවත්කරගෙන ඇති බවයි. ජිනීවාහී අධිරාජ්‍යවාදී මර උගුලෙන් රට බේරාගත් ආණ්ඩුවට සුභ පතමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පෝස්ටර් හා කටවුට් ද බොහෝ තැන්වල දක්නට තිබුණි. එවැනි අදහස් හා සම්මත වූ යෝජනාවේ ඉහත දක්වන ලද ක්‍රියාන්විත ඡේද අතර ගැලපීමක් නැත. 

මේ ආකාරයට ජිනීවා යෝජනාවේ ක්‍රියාන්විත ඡේදත් ආණ්ඩුවේ වර්ථමාන වාග් මාලාවත් අතර නොගැලපීමට හේතුව ලංකාව ඇමරිකාව සමග එක් වී සහයෝගයෙන් මේ යෝජනාව සම්මත කර ගැනීමෙන් කිසිදු වාසියක් රටට අත් වී නැති බව ප්‍ර‍මාද වී හෝ අදාල බලධාරීන්ට අවබෝධ වී ඇති නිසා විය හැක.


මේ යෝජනාවෙන් සිදු වී ඇත්තේ රටට අහිතකර මෙන්ම දේශපාලනික වශයෙන්ද ප්‍රායෝගික නොවන ක්‍රියාදාමයක ආණ්ඩුව හිරවීම බව ඔවුන්ට වැටහී තිබෙනවා විය හැක. 

බොහෝ විට විදේශීය බලවතුන් වෙනත් රටවල් මත තම අභිමතයන් පැටවීමට උත්සාහ ගන්නා බවත්, එවන් අවස්ථාවල අදාළ රටට ඒ තත්ත්වයට මුහුණ දීමට සුදුසු ක්‍ර‍ම සහ විධිගැන කල්පනා කිරීමට සිදුවන බවත් මම පිළිගනිමි. ශ්‍රී ලංකා ආණ්ඩුවේ පළමු යුතුකම වන්නේ අපේ රණවිරුවන් රැකබලා ගැනීමයි. සම්මත වූ යෝජනාවේ ක්‍රියාන්විත ඡේද 06 සහ 08 එම පූජනීය යුතුකමට ඍජුවම හරස් වෙයි.

ජිනීවාහී සම්මත වූ මෙම අවාසිදායක යෝජනාවට සුදු හුණු ගෑමට තවමත් උත්සාහයක් පවතින බව මම කණගාටුවෙන් ප්‍ර‍කාශ කරමිග ලංකාවට ජිනීවාහී ලබා ගත හැකි උපරිම සහනය මෙය බවත් රාජපක්‍ෂ ආණ්ඩුව තවමත් බලයේ සිටියේ නම් තත්ත්වය මීට වඩා දරුණු වී ආර්ථික සම්බාධක පවා පැනවීමට ඉඩ තිබුණු බවත් ඇතැම් අය කියනු අපට ඇසෙයි.

2010 දී ජී,එස්,පී බදු සහනය නැතිවීමත් මේ වසරේ ජනවාරියේ දී යුරෝපා සංගමය තුලට ලංකාවෙන් මාළු ගෙන්වීම තහනම් කිරීමත්, මග එමින් තිබූ ඒ ආර්ථික සම්බාධක වල පෙරමග සලකුණු හැටියට ඇතැම් පාර්ශව හුවා දක්වනු ලැබේ. 

මේ වසරේදී යුරෝපය තුලට ලංකාවේ මාළු ගෙන ඒම තහනම් කරනු ලැබුවේ ඉන්දියන් සාගරයේ මතස්‍ය කොමිසමේ නිර්දේශ වලට පටහැනිව නීති විරෝධීවල අවිධිමත්වල හා වාර්තා කිරීමකින් තොරව මසුන් මැරීම පිළිබදව ආරවුලක් නිසා මිස කිසිදු දේශපාලනික හෝ මානව හිමිකම් ප්‍ර‍ශ්නයක් නිසා නොවන බව ජනතාව දැනගත යුතුය. ජී.එස්.පී පිළිබද කතාවද බොහෝ දෙනා සිතනවාට වඩා වෙනස්ය.

ජී.එස්.පී යනු යුරෝපා සංගමය විසින් දේශපාලනික කොන්දේසි සහිතව ලබා දෙන බදු සහනයකි. මෙයට සම්බන්ධවී ඇති දේශපාලන කොන්දේසි නිසා ආසියාවේ කිසිදු අපනයනය කරන රටක් මේ බදු සහනය ලබාගෙන නැත. 2010 දී ලංකාවට ලැබී තිබුණු ජී.එස්.පී බදු සහනය ගැන අවු 05 කට වරක් කෙරෙන සමාලෝචනයේ දී යුරෝපා සංගමයේ දේශපාලන න්‍යාය පත්‍ර‍ය ලංකාව මත පැටවීමට උත්සාහයක් තිබුණු නිසා එම බදු සහනය සදහා නැවත ඉල්ලුම් නොකිරීමට මාගේ ආණ්ඩුව තීන්දුවක් ගත්තේය. 

මේ බදු සහනය නොමැතිව වුවද යුරෝපා සංගමය තුළට ලංකාවේ ඇගලුම් අපනයනය සෑම වසරකම 6‍ කට වඩා වර්ධනය වන බවට වගබලා ගැනීමටද අප පියවර ගත්තෙමු. 

මා ලිබියාවේ නායක මුවම්මර් ගඩාෆි මහතාගේ කර වටා අත දමා ගැනීම නිසාත් බටහිර රටවල් ලංකාව සමග උරණ වූ බවද ඇතැම් අය කියයි.මේ කියන ඡායා රූපයේ මාගේ කර වටා අත දමා සිටින්නේ ගඩාෆි මහතාය. 2009 දී යුද්ධයේ අවසන් මාස කීපයට අවතීර්ණ වත්ම එවක ලෝකයේ ඇති වී තිබූ දරුණු ආර්ථික අවපාතය හේතුවෙන් ලංකාවේ විදේශ සංචිත සීග්‍රයෙන් පහත වැටෙමින් පැවතුණි.

මේ අවස්ථාවේ දී බටහිර රටවලින් එල්ල කරනු ලැබූ පීඩනය නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් අපට ලැබිය යුතුව තිබූ ණය පහසුකම් ද ප්‍රමාද විය. ඒ අවස්ථාවේ දී මා දුන් එක දුරකථන ඇමතුමකින් ඇ.ඩොලර් මිලියන 500 ක ණයක් ලංකාවට ලබා දීමට ගඩාෆි මහතා එකග විය. ඒ පොරොන්දුව නොවන්නට යුද්ධය ජය ගැනීමට පෙර ආර්ථිකය ඇණ හිටීමට ඉඩ තිබුණි. 

ලංකාවේ යුද්ධය නැවැත්වීමට විදේශීය ප්‍ර‍භූවරුන් මෙහි පැමිණි අවස්ථාවේ දී ඔවුන්ව ඇඹිලිපිටියට ගෙන්වා මඤ්ඤොක්කා කෑමට දී ඔවුන්ට සිතා මතා අපහාස කළ නිසා බටහිර රටවල් අපට එරෙහිව යෝජනා සම්මත කරන බවටද අදහසක් පල විය. යුද්ධයේ අවසන් දිනවල හමුදා මෙහෙයුම් නතර කර වීමට මට බලපෑම් කිරීම සදහා පැමිණි බ්‍රිතාන්‍ය හා ප්‍රංශ විදේශ ඇමතිවරුන්ට ලබාදුන් ආහාර මොනවාදැයි මට දැන් මතකයක් නැත.

නමුත් යුද මෙහෙයුම් නතර කිරීම මම එකහෙලාම ප්‍ර‍තික්‍ෂේප කල බව පිළිගනිමි. අප අද ත්‍ර‍ස්තවාදයෙන් තොර රටක ජීවත් වන්නේ විදේශීය පීඩනයට මම යටත් නොවුනු නිසාය. ලංකාවේ ජනතාව සර්වජන ඡන්ද බලයෙන් ආණ්ඩු පත් කර ගන්නේ මේ රටට සුදුසු ක්‍රියාමර්ග ගැනීමට මිස විදේශීය බලවතුන් කියන හැමදේකටම ඔළුව වැනීමට නොවේ. ජිනීවාහි සම්මත කරගත් මේ යෝජනාවටද ඒ යථාර්තය එලෙසම වලංගු වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5614244013160664711

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item