මහින්ද අයෙත් ජනපති කොමිසමට
පසුගිය ජනාධිපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ ගිවිස ගෙන තිබූ දැන්වීම්වලට නොගෙවූයේයැයි කියන සිද්ධියට අදාළව හෙට සහ අනිද්දා (29-30) බ...

https://www.sathhanda.com/2015/10/mahinda-rajapaksa-to-president-commissoin.html
පසුගිය ජනාධිපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ ගිවිස ගෙන තිබූ දැන්වීම්වලට නොගෙවූයේයැයි කියන සිද්ධියට අදාළව හෙට සහ අනිද්දා (29-30) බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අමතරව මෙම සිද්ධියට වගකිවයුතු පුද්ගලයන් වශයෙන් ස්වාධීන රූපවාහිනී සේවයේ හිටපු සභාපති අනුර සිරිවර්ධන, එහි සාමාන්‍යාධිකාරී අරුණ මූර්ති විජේසිංහ, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) ජේ.ඒ. උපාලි රංජිත්, එහි සහකාර කළමනාකාර (අලෙවි) දිලිප් ප්‍රියන්ත වික්‍රමසිංහ, හිටපු ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමති කෙහෙළිය රඹුක්වැල්ලද කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත.
Related