ජනපති මැදුරේ බංකරය ගැන මහින්දගේ පිළිතුර
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනාවහිදී සම්මත වූ යෝජනාවේ භායානක නිර්දේශ ගණනාවක්ම තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහින්ද රා...

https://www.sathhanda.com/2015/10/mahinda-rajapaksa_55.html
මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ එහි බරපතළම නිර්දේශ 03ක් පවතින බවයි.
ඊනියා යුද අපරාධ විමර්ශනය කිරිමට යුධ අපරාධ අධිකරණයක් පිහිටුවිම ඉන් ප්‍රධාන කරුණක් බව ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම එම අධිකරණ යාන්ත්‍රණය තුළ විදේශ විනිශ්චකාරවරුන්, විමර්ශන නිලධාරින් හා විදේශ නීතිඥයින් ගෙන්විමට එකඟවිම මෙරට උසාවි පද්ධතියට, නිතිපති දෙපාර්තමේන්තුවට, නීතිඥ වෘත්තියට අපහාසයක් බව ඒ මහතා පෙන්වා දෙයි.
නාරාහේන්පිට අභයාරාමයේදී විද්වතුන්, කලාකරුවන් ඇතුලු පිරිසකට ජිනිවා යෝජනාව පිළිබඳ පැහැදිළි කරමින් අද(25) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
එමේනම පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ජිනීවා මානව හිමිකම් යෝජනාව පිළිබඳ විවාදයේදී තමා අදහස් දැක්වීමට එක් නොවූයේ එය මගහැරීමට නොවන බවත්, තමාට එදින පෞද්ගලික කාරණයක් හේතුවෙන් එදින එම විවාදයට සහභාගීවීමට නොහැකි වු බවත් ඔහු එහිදී අවධාරණ කළේය.
කොළඹ කොටුව ජනාධීපති මන්දිරයේ පිහිටා ඇති භූගත මන්දිරය සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර අතර එඊට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ එම බංකරය එවකට ත්‍රස්ථවාදී තර්ජන හේතුවෙන් ගොඩනගන ලද බංකරයක් බවයි.
හදිසි අවස්ථාවල ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් පැවැත්වීම සඳහා මෙම භූගත මන්දිරය භාවිතා කළ බවද ඔහු සඳහන් කළේය.
එය තමාගේ මතය පිරිදි සිදුනොකළ දෙයක් බවද හිටපු ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
එවන් වූ බංකර් අරලියගහ මන්දිරයේදී ඇති බවත්, එවා ප්‍රසිද්ධියට පත් නොකළ යුතු කරුණු බවත් ඒ මහතා අවධාරණ කර සිටියේය.
Related