මහින්ද ජනක බලන්න යයි
පුද්ගල ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පසුගිය 06 වැනිදා අත්අඩංගුවට ගත් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රි ජනක බණ්ඩාර තෙන්නකෝන...

https://www.sathhanda.com/2015/10/mahinda-went-to-see-janaka-bandara.html
පුද්ගල ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පසුගිය 06 වැනිදා අත්අඩංගුවට ගත් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රි ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ සුවදුක් බැලීමට ප්‍රතිකාර ලබමින් සිටින කොළඹ පෞද්ගලික රෝහලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් ගොස් ඇත.
තෙන්නකෝන් අත්අඩංගුවට ගත් දින රාත්‍රියේම මේ පිරිස රෝහලට ගොස් ඇති අතර මුලින්ම පැමිණ ඇත්තේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂය. ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතාත්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රි උපාලි කොඩිකාර සහ නාමල් රාජපක්ෂ එහි ගොස් ඇතැයි වාර්තා වේ.
බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක්ද ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ සුව දුක් බැලීමට ගොස් තිබේ.
Related