ධම්මික පෙරේරාට ‘Online Gambling' (අන්තර්ජාල සූදුව) සඳහා අවසර දෙයි

කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරාට ‘Online Gambling' (අන්තර්ජාල සූදුව) සඳහා අවසර ලැබී ඇතැයි වාර්තා වේ. මෙම ‘Online Gambling...

කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරාට ‘Online Gambling' (අන්තර්ජාල සූදුව) සඳහා අවසර ලැබී ඇතැයි වාර්තා වේ. මෙම ‘Online Gambling' සඳහා අවසර ලබා දී ඇත්තේ ආයෝජන මණ්ඩලය (BOI) විසිනි. ධම්මික පෙරේරා සතු මෘදුකාංග සංවර්ධනය කිරීමේ සමාගමකට (Software Developing company) මෙම අවසරය ලබා දී ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කෙලින්ම ධම්මිකගේ කැසිනෝ ව්‍යාපාරයට මෙම බලපත්‍රය ලබා නොදී එය සඟවමින් මෘදුකාංග සංවර්ධන සමාගමකට එය ලබාදීම පැහැදිලි ලෙසම රාජ්‍ය පාලනාධිකාරීන් නොමග යැවීමකි.

දැනට ධම්මික පෙරේරා සතු බම්බලපිටිය MGM කැසිනෝ ශාලාවේ උඩුමහල මෙම ‘Online Gambling' සඳහා වෙන්කොට තිබේ. මෙම පහසුකම අනෙක් කැසිනෝ ව්‍යාපාරිකයන් ද ළඟදීම අයදුම් කිරීමට සූදානම් බව ඉහත කී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7152653785913053764

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item