පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ ජිනීවා වාර්තාව නිසා

ජිනීවා පරීක්‍ෂණ වාර්තාවෙන් හෙළි කළ කරුණු මත හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය ගැන පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සිදුකර ...

ජිනීවා පරීක්‍ෂණ වාර්තාවෙන් හෙළි කළ කරුණු මත හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය ගැන පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වෙනවා.

පරරාජසිංහම් මහතා ඝාතනය කළේ කරුණා කණ්‌ඩායම බවට විශ්වාස කළ හැකි සාක්‌ෂි ඇතැයි ජිනීවා පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් කර තිබේ. එම සමයේ කරුණා සහ පිල්ලෙයාන් එක්‌ව කටයුතු කර ඇත.

පිල්ලෙයාන්ට පෙර එම ඝාතනයට සම්බන්ධ යෑයි සැකකරන එඩ්වින් සිල්වා කන්දරාජා හෙවත් ප්‍රදීප් මාස්‌ටර් සහ රෙන්ගසාමි කනකරාජා හෙවත් කජන් මාමා අත්අඩංගුවට ගෙන ඇත.

මොවුහු කරුණා පිල්ලෙයාන් කණ්‌ඩායමේ ක්‍රියාකාරීහු වෙති. 2005 දෙසැම්බර් 24 වැනිදා රාත්‍රියේ ජොශප් පරරාජසිංහම් ඝාතනය සිදුවී තිබේ.

පරරාජසිංහම් ඝාතකයා අල්ලා ගැනීමට පොලිසිය ක්‍රියා නොකළ බවට ජිනීවා පරීක්‍ෂණ වාර්තාවෙන් චෝදනා නඟා තිබුණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1470684500720529670

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item