ජනපති මැදුරේ බංකරය ගැන ප්රසන්න කතා කරයි
ජනාධිපති මන්දිරයේ භූගත බංකරය පිළිබඳව තොරතුරු හෙළිකර ඉන් දේශපාලන වාසි ලබාගැනීමට තැත්කිරීම හෙළාදකින බව ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්...
https://www.sathhanda.com/2015/10/prasanna-ranatunga.html?m=0
ජනාධිපති මන්දිරයේ භූගත බංකරය පිළිබඳව තොරතුරු හෙළිකර ඉන් දේශපාලන වාසි ලබාගැනීමට තැත්කිරීම හෙළාදකින බව ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මිනුවන්ගොඩ, උඩුගම්පළ ශ්රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අද (27දා) පැවති ක්රියාකාරී හමුවකදී පැවසීය.
රටේ ජාතික ආරක්ෂාවට දැඩි ලෙස බලපාන මෙම තොරතුරු හෙළිකිරීමෙන් රටට කිසිදු යහපතක් සිදුනොවන බවද ඔහු පෙන්වාදුන්නේය.
මෙම තොරතුරු හෙළිකිරීම පසුගිය ජනාධිපතිවරණයේදි කරලියට පැමිණි රනිල් ටී.එන්.ඒ. ගිවිසුමේ තවත් කොන්දේසියක් ඉටුකිරීමක්දැයි සැක මතුවන බවද රණතුංග මහතා වැඩිදුරටත් පවසා සිටියි.


Related