මේක ජාත්‍යන්තරය මැදහත්ව කරන පරීක්ෂණයක්, අපේ අපේක්ෂාවන් ඉටුවෙනවා - විපක්ෂ නායක
ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කමිටුව හෝ වෙනත් කවර හෝ සංවිධානයක් විසින් සිදුකරණු ලබන පරීක්ෂණ කටයුතු...
https://www.sathhanda.com/2015/10/r-sampanthan-speaks-about-hybrid-court.html
සම්බන්ධන් මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායකවරයා වීමෙන් පසුව පළමු වතාවට නැවත පදිංචි වූ ජනතාවගේ ගැටලු පිළබඳ සොයා බැලීම සඳහා ඊයේ (03 දා) යාපනයේ ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමෙන් පසුව මාධ්‍යවේදීන්ට අදහස් දක්වමිනි.
“කවර පරීක්ෂණයක් සිදු වුවත් දෙමළ ජාතික සන්ධානය ඉතා අවධානයෙන් ඒ දෙස බලා සිටින බැවින් දෙමළ ජනතාව කලබල වීමට හෝ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගැනීමට හේතුවක් නැහැ”
දේශීය වශයෙන් එක් පාර්ශ්වයක් පමණක් සහභාගී වීමකින් තොරව ජාත්‍යන්තරයේ මැදිහත්වීම මත සිදුවන පරීක්ෂණයකදී අපේක්ෂා කරණු ලබන අවශ්‍යතාවයන් ඉටුවන නිසා ඒ පිළිබදව කිසිදු සැකයක් ඇති කර නොගත යුතු බවද ඔහු පැවසීය.


Related