ආණ්ඩු බලය අරගෙන මාස දහයක් වෙනවා. නටපු නැටුමකුත් නෑ
පහුගිය දිනවල මාධ්‍ය මගින් ඉදිරිපත් කෙරුණා ජනාධිපති මන්දිරයේ භූගතව ඉදිකරන ලද අධිසුඛෝපභෝගී මන්දිරයක් තියෙනවා කියලා. මේක ඇවිත් සුපිරි මාල...

https://www.sathhanda.com/2015/10/ranjith-de-zoysa.html
පහුගිය දිනවල මාධ්‍ය මගින් ඉදිරිපත් කෙරුණා ජනාධිපති මන්දිරයේ භූගතව ඉදිකරන ලද අධිසුඛෝපභෝගී මන්දිරයක් තියෙනවා කියලා. මේක ඇවිත් සුපිරි මාලිගාවක් කියලා මාධ්‍ය මගින් හුවා දැක්වුවාට යුද සමයේ ඇතිවූ තත්ත්වයන් තුළ ආරක්ෂක උපදෙස් මත ඉදිකළ එකක් කියලා හිටපු ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා. එතකොට මේක සැප මන්දිරයක් හැටියට හුවා දක්වලා මේ හදන්නේ පහුගිය පාලනය පතුරු ගහන්නයි. මේ අය ආණ්ඩු බලය අරගෙන මාස දහයක් වෙනවා. නටපු නැටුමකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. එමනිසා මේ අයට කරන්න තිබෙන එකම දෙය තමයි පසුගිය පාලනයට හා පහුගිය කාලයේ සිටි රාජ්‍ය නායකයාට පහර ගැසීම යැයි රත්නපුර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා පවසයි.
ඊළඟට ජාතික ආරක්ෂාව සම්බන්ධව අබමල්රේණුවක තරම් හැඟීමක් තියෙන කෙනෙක් කිසිම ආකාරයකින් මෙවැනි හෙළිදරවු කිරීමක් කරන්නේ නෑ. කවුරු කළත් මේ කරපු ක්‍රියාව ඉතාම අනුවණ ක්‍රියවක් කියලයි මම නම් කියන්නේ. මේ රටේ යුද්ධයක් තිබුණා. යුද, ගුවන්, නාවික බලය තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට උසාවියක්, වෙනම පොලිසියක් මේ සියල්ල තිබුණා. ඔවුන් අපිට අවස්ථා ගණනකදී ගුවනින් ප්‍රහාර එල්ල කළා. අද වීරයෝ වගේ කෑගහන මිනිස්සු කොටි උඩින් ගහන කොට මී පැටව් වගේ හැංගෙන්න තැන් හෙව්වා.
නමුත් මහින්ද රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිතුමා හා ආරක්ෂක ලේකම්තුමා අපි හිතුවට වඩා කලියෙන් මේ යුද්ධය නිමා කළා. නමුත් අවශ්‍යවුණොත් දිග්ගැහුන යුද්ධයක් වෙනුවෙන් තමයි හිටපු ජනාධිපතිතුමා මේ භූගත බංකරය හදලා තිබුණේ. ඒ කියන්නේ එතුමාට සැප ගන්න නමෛයි. අවශ්‍ය වුවහොත් භූගත බංකරයක ඉඳලා හරි මේ යුද්ධය අවසන් කරන්නයි එතුමා මේක ඉදිකළේ.
මේක හෙළිදරව්වීමෙන් දැන් ජාතික ආරක්ෂාව අනතුරට ලක්වෙලා. මොළේ අමාරුව හැදුණ අය තමයි කියන්නේ මහින්ද රාජපක්ෂ භූගත මාලිගා හදාගෙන ඒකාධිපතිවාදය කරා ගමන් කළා කියලා. එතුමාට එහෙම ඒකාධිපතිවාදය කරා යන්න නම් මහ පොළවේ ගුල් හාරන්න ඕනද?
ඒකාධිපතිවාදය ගැන කතාකරන මහලොකු මහත්තුරු මන්ත්‍රීවරුන්ගේ ප්‍රජාඅයිතියත් අහිමි කරලා. මේක තමයි නියම ඒකාධිපතිවාදය.
අද පාර්ලිමේන්තුවේ විරුද්ධපක්ෂය සම්පූර්ණයෙන්ම මර්දනය කරලා ආණ්ඩුවට විරුද්ධව කතා කරන ජනතා නියෝජිතයන් කුමන හෝ කරුණක් මත හිරේ දානවා. ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් ක්‍රියාත්මක කළා වගේ ඒකාධිපති වාදයක් කරා මේ රජය වේගයෙන් ගමන්කරමින් සිටිනවා. අද තමයි නියම ඒකාධිපතිවාදයක් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ.
දැන් මේ ආණ්ඩුව කතා කරන්නේ උගුඩු දේශපාලනය ගැනයි. අගමැතිතුමා තමන්ගේ උන්මත්තක ස්වරූපය පාර්ලිමේන්තුවට දක්වන විට එයට ප්‍රතිචාර දැක්වීම අපි කරනවා. අද පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න බාධා කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අපි නමෛයි අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයයි.
නාලක සංජීව දසනායක
Related