2016 ජනවාරි වනවිට කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන එකම දරුවෙක්වත් නැතිවේවි
2016 වසර වනවිට ශ්‍රී ලංකාවේ සෑම නිවසකටම විදුලිය ලබාදෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේය. ඔහු ...

https://www.sathhanda.com/2015/10/ranjith-siyambalapitiya_27.html
2016 වසර වනවිට ශ්‍රී ලංකාවේ සෑම නිවසකටම විදුලිය ලබාදෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේය.
ඔහු මේ බව පැවසූවේ ඊයේ (26) පොළොන්නරුවේදී පැවති ‘රටම එළියයි - අඳුර දුරලයි’ ජාතික වැඩසටහනේ සමාරම්භක උළෙලට එක්වෙමිනි.
“අපි මේ වනවිට මේ රටේ විදුලි ඉල්ලුමෙන් 97% ක් සපයලා තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්කල තවත් නිවාස ලක්ෂ 02කට පමණ විදුලිය නැහැ. විදුලි කණුව නිවාස ළඟ තියෙනවා. නමුත් කුමන හෝ හේතුවක් මත එම නිවෙස්වලට විදුලිය නැහැ. මේ නිවෙස්වල පාසල් දරුවන් කොපමණ සිටිනවාද? සියයට 6% - 7%ක් පාසල් දරුවෝ තවමත් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරනවා. 2016 ජනවාරි 31 වැනිදා වනවිට කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන එකම දරුවෙක්වත් ඉන්න බැහැ. ඒ වෙද්දි ලංකාවේ විදුලිය අවශ්‍ය සැම නිවසකටම විදුලිය ලබාදීමේ කර්තව්‍යයට අපි අද මුලපුරනවා" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
Related